
ඔන්න ඔයා අසාවෙන් බලාගෙන හිටපු දවස අද අවා. අද අපි අපේ Trading App එක Download කරලා Demo Account (පුහුණු ගිණුමේ) Trade කරන්න පටන්ගන්න හදන්නේ. ඔයාලට මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්න Forex ගිණුමක් තියෙන්න ඕනේ. Forex ගිණුමක් හදාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් අපේ කලින් ලිපියට ගිහිල්ල මුලින්ම ගිණුම හදාගෙන Verify කරගෙන ඉන්න. තාමත් ගිණුමක් හදාගත්තේ නැති අය “Forex ගිණුමක් සාදා ගැනීම සහ Verify කරගැනීම“ මේ පාඩම කියවල ගිණුම හදාගන්න.
හරි දැන් ගිණුම හදාගත්ත අය අද වැඩේ පටන්ගමු. හැබැයි ඊට කලින් පොඩි වැඩක් තියනවා කරන්න. ඔයාට මතක ඇතිනේ මන් ඔයාට Register වෙනකොට කිව්වා අපි උපරිම සහය දෙනවා කියල ඔයාට මේ වැඩේ කරගෙන යන්න. ඉතින් අපේ Telegram Channel එකට පහල තියන link එක හරහා ඔයා නොමිලේම සම්බන්ද වෙලා Free Signals , Market Analysis සහ අමතර දැනුමට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්.
Join Telegram Channel – Hari Forex Official
හරි දැන් අපි අද පාඩම පටන්ගමු. මුලින්ම ඔයා දැනගන්න ඕනේ අපිට Trade කරන්න ගිණුම් දෙකක් තියනවා. එකක් Demo Account එක අනිත් එක Real Account එක. දැන් පටලවගන්න එපා අපි කලින් හදපු අපේ ගිණුම ගැන නෙමේ මේ කියන්නේ. ඒක තාම අපේ මුදල් තැන්පත් කරන මුදල් ආපසු ගන්න වගේ දේවල් කරන අපේ Broker ආයතනයේ ගිණුම. අපි Trading කරන්න අපිට වෙනම Software එකක් තියනවා එහෙම නැත්තන් Mobile app එකක් තියනවා.ඉතින් අපි Trading කරන්න භාවිතා කරන ගිණුම් දෙක තමයි මේ Real සහ Demo කියන්නේ. දැන් අපි අමුතුවෙන් මේ ගිණුම් දෙක හදන්න ඕනේ නැ. ඔයා Register වෙද්දීම මේ ගිණුම් දෙකත් Auto Create වෙනවා. අපි මුලින්ම බලමු මේ ගිණුම් දෙකේ වෙනස මොකක්ද කියල.
01. Demo Account – මේක තමයි අපි පුහුණු වෙන ගිණුම. මේ ගිණුම භාවිතා කරලා අපිට ඇත්තම Forex Market එකේ පුහුණු වෙන්න පුළුවන්. පුහුණු වෙන්න $ 10,000 ක් අපට ලැබෙනවා. මේ සල්ලි ඇත්ත ඒවා නෙමේ. නමුත් අපට අවශ්‍යතරම් මේ මුදල් වලින් පුහුණු වෙන්න පුළුවන්. අපිට Trade එකකින් ලබාගන්න පුළුවන් ලාභය ගැනත් හොද අවබෝදයක් ලබාගන්න පුළුවන්.
02. Real Account – අපි පුහුණු වුනාට පස්සේ අපි අපේ ඇත්තම සල්ලි ආයෝජනය කරලා මුදල් උපයන ගිණුමට කියන්නේ Real Account කියල. අපිට පුළුවන් අපේ මුදල් තැන්පත් කරලා Trade කරලා උපයන ලාභය මේ ගිණුමෙන් Withdraw කරගන්න. Demo Trading ඉවරකරලා අපි Real Trading පටන්ගත්තහම අපිට දිගටම අවශ්‍ය වෙන්නේ Real Account එක විතරයි.
Trading App / Software Download කිරීම
අපි මේ Trading App එකට කියන්නේ MT5 (Meta Trader 5) කියල. ඔයාට පුළුවන් Computer එකකින් කරනවානම් මේ Application එක Download කරල Install කරගන්න. Mobile එකෙන් කරනවානම් මේ සදහා ඇති Mobile App එක Install කරගන්න පුළුවන්. Computer එකෙන් Trade කරනවානම් ඔයාට ලොකු Screen එකක Market එක ගමන් කරන විදිය බලාගන්න පහසුයි. කොහොමහරි ඔයාට පහසු විදියට App එක Download කරලා Install කරගන්න මුලින්ම. මම පහල දාල තියනවා අදාල Link ඒවා භාවිතා කරන්න.
හරි දැන් ඔයා හරියට Install කරගත්තනම් App එක Open කරගන්න. අපි දැන් Demo ගිණුමට Log වෙන්න ඕනේ. දැන් Log වෙන්නනම් Demo Account Number එකක් සහ Password එකක් ඕනේ. මතකනේ මන් කලින් කිව්වා අපි Broker ආයතනයේ ගිණුම හදද්දී Automatic අපිට Demo Account එකයි Real Account එකයි Create වෙනවා කියල. ඉතින් ඔයාගේ Email එකට දැනටමත් ඒ විස්තර ඇවිත් ඇති. ඔයාගේ email Inbox එකේ ඇති Welcome to XM කියල mail එකක්. ඒ mail එකේ පහලම ඇති මන් පහල දාල තියනවා වගේ ගිණුම් විස්තර ටිකක්. ඒ ටික තමයි ඔයාගේ Demo සහ Real ගිණුම් විස්තර.
