Forex කියන්නේ මොකක්ද ?

අපි අද පටන්ගන්න හදන්නේ ලෝකයේ තියන විශාලතම මුදල් ඉපයීමේ ක්‍රමය හරහා මුදල් උපයන්නේ කොහොමද යන්න ඉගෙනගන්නයි. ඔයාට රැකියාවට අමතරව දවසකට රු. 3000 සිට රු. 300,000 කටත් වඩා උපයන්න පුළුවන් දෙයක් තමයි Forex Trading කියන්නේ. ඔයාට එකපාරටම මේක ඇත්තක්ද කියල හිතාගන්න බැරුව ඇති. ඔයාට මේක ගැන ඉගෙනගෙන යද්දී හැමදේම තේරෙයි. මුලින්ම අපි හැම සරල කරුණක්ම හොදින් දැනගන්න ඕනේ. අපි මුලින්ම Forex කියන නමේ තෙරුමේ ඉදලම පටන්ගමු. Forex කියල කියන්නේ “විදේශ මුල්‍ය හුවමාරුව” කියන එකයි. ඒ කියන්නේ විවිධ රටවල බාවිතා කරන මුදල් වර්ග හුවමාරු කරගැනීමයි. ඔයා දන්නවා ලංකාවේ රුපියල් භාවිතා කරනව වගේම වෙනත් රටවල EURO, USD, GBP, YEN, වගේ මුදල් වර්ග භාවිතා කරනවා. අන්න ඒ රටවල් ඇත දෙකක් අතර ඇති මුදල් හුවමාරු කරගනිම තමයි Forex කියන්නේ.
අපි උදාහරණයකින්ම තෙරුම්ගමු. ඔයා හිතන්න ඔයාට ඇමරිකාවට යන්න වුවමනාවක් ඇති වෙනවා. ඇමරිකාවට ගියාට පස්සේ ඔයාට ලංකාවේ රුපියල් වලින් ගනුදෙනු කරන්න බෑ. ඒකනිසා අපි ලංකාවෙන් යන්න කලින් අපේ අතේ තියන රුපියල් දීල ඇමරිකාවේ භාවිතා කරන මුදල් ඒකකය වෙන ඇමරිකානු ඩොලර් (USD) ගන්නවා. මේක තමයි සරලවම Foreign Currency Exchange එහෙම නැත්නම් Forex කියන්නේ.
Forex වලින් මුදල් උපයන්නේ කවුද?

අද වෙනකොට Forex කියන්නේ ඕනෑම රටක පැවැත්ම රදා පවතින කාරණයක්. අපේ රටටත් පහුගිය කාලයේ විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුනේ විදේශ මුදල් හිග වුන නිසයි. රටක තිබෙන විදේශ මුදල් ප්‍රමාණය හිග වුනාම ඒ රටට පිට රටවල් වලින් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට බැරි වෙනවා. උදාහරණයක් විදියට අපිට අවශ්‍ය තෙල් මිලදී ගැනීමේදී අපිට ඩොලර් අවශ්‍ය වෙනවා ගෙවීම් කිරීමට. මොකද අපිට රුපියල් දීල තෙල් ගන්න බැනේ. අන්න ඒ නිසා Forex කියන්නේ රටක මුලිකම අවශ්‍යතාවක්.
ඕනෑම රටක මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියම Forex ගනුදෙනු කරනවා. ඊට අමතරව මුල්‍ය සමාගම් සියල්ලම Forex ගනුදෙනු කරනවා. තවත් පුද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් Forex ගනුදෙනු කරනවා. මේ සියල්ලම ආයතනික වශයෙන් තමා Forex ගනුදෙනු කරන්නේ. විශාල වශයෙන් Forex ගණුදෙනු කිරීම තුලින් මේ ආයතන දෛනිකව බිලියන ගණනක අදායමක් ලබනවා.
මේ අතර ඔබ මම වැනි කුඩා පරිමාණයෙන් Forex ගනුදෙනු කරන විශාල පිරිසක් ඉන්නවා. මේ අයත් සැලකිය යුතු අදායමක් ලබාගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන්. මම මේ පාඩම් මාලාවෙන් ඔයාට ගෙදර ඉදන්ම Mobile එකෙන් Laptop එකෙන් මේක කරන්නේ කොහොමද කියන දේ කියල දෙනවා. Forex Trading කරන්න වෙන ව්‍යාපාර වලට වගේ ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාට බොහොම පොඩියට මේක පටගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම මට්ටමක කෙනෙක්ට මේක කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හරි දැනුමක් විතරයි. මේ website එක හරහා ඔයාට නොමිලේම ඒකත් ලබාගන්න පුළුවන්.
Forex වලින් මුදල් උපයන්නේ කොහොමද?

දැන් ඔයාලට තියන ගැටලුව තමා අපි කොහොමද මේ වැඩෙන් මුදල් උපයන්නේ කිය කියන එක. ඒ ගැන සම්පුර්ණ විස්තරයක් මන් ඉදිරි ලිපියක කියල දෙනවා. දැනට මන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නන්. ඔයාලට මන් කලින් කිව්වා අපි රට යද්දී රුපියල් දීල Dollars ගන්නවා කියල. ඉතින් අපිට මේ Dollar 1 ක් ගන්න රු.300 දෙන්න වෙනවා. ඒ කියන්නේ Dollar 1 ක අගය රුපියල් වලින් 300 යි කියන එක. දැන් මේ අගය මේ මට්ටමේම තියෙන්නේ නැ 305 වෙන්නත් පුළුවන් 295 වෙන්නත් පුළුවන්. නිතරම මේ අගය වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීමෙන් තමා අපි ලාභ ගන්නේ. අපි මේ කතා කරේ රුපියල් සහ Dollar හුවමාරුව ගැන. නමුත් ලෝකයේ බලවත් මුදල් ඒකක දෙකක් හුවමාරුවන අගය හැම තත්පරේකම වෙනස් වෙනවා. ඒක නිසා අපිට විශාල ලාභ ගන්න පුළුවන්. මේ දේවල් එක්ක ලාභ ගන්න විදිය ගැන හැමදෙයක්ම මම ඉස්සරහ ලිපි වලිදී කියල දෙනවා.
ලොවපුරා ඇති මුල්‍ය ආයතන මේ මගින් විශාල මුදලක් උපයනවා. අපිට විශාල මුදලක් ආයෝජනය කරන්නේ නැතුව විශාල ලාභයක් ගන්න පුළුවන්. අනිත් කාරණය තමා මිල ඉහල යනකොට විතරක් නෙමේ පහල යනකොටත් ලාභයක් ගන්න පුළුවන්. වැදගත් කාරණය තමා දවසින් දවස ඩොලරය ඉහල යනවා. අපි මුදල් උපයන්නේ ඩොලර් වලින් නිසා අපේ අදායම එන්න එන්නම වැඩි වෙනවා. ඔයාට මේ පාඩම් මාලාව දිගටම අධ්‍යනය කරද්දී මේ හැම දෙයක්ම පැහැදිලි වෙයි.
Forex වලින් දිනකට කීයක් උපයන්න පුලුවන්ද?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය . ඇත්තටම මේකට සරලම උත්තරය, Forex වලින් ඔයාට උපයන්න පුළුවන් ගණන සීමාවක් නෑ. ඒක මම පැහැදිලි කරන්නම්. අපි පියවර කිහිපයකියන් තමයි Forex Trading ඉගෙනගන්නේ. මුලින්ම අපි Forex ගැන හැම දෙයක්ම ඉගෙනගන්නවා. ඊට පස්සේ පුහුණු ගිණුමක් හරහා Forex Market එකේ ගනුදෙනු කරනවා. මේ කිසිම දේකට සත පහක්වත් වියදමක් යන්නේ නැ. ඔයා පහුණු ගිණුමේ ඇතිතරම් පුහුණු වෙලා මුදල් උපයන මට්ටම පත්වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් සත්‍ය මුදල් ආයෝජනය කරලා මුදල් උපයන්න. මේක තමයි සරලවම ක්‍රියාවලිය. මේක ඇතුලේ ඔයාට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. මේ එකින් එක හැම දෙයක්ම වෙන වෙනම ලිපි වලින් මන් කියල දෙනවා.
දැන් අපි මුදල් ආයෝජනය කරන ප්‍රමාණය අනුව අපිට උපයන්න පුළුවන් ලාභය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි මුලින්ම Forex පටන් ගන්නේ Dollar 100 ආයෝජනය කරලා. එතකොට ඔයාට දවසකට $10 – $20 අතර මුදලක් උපයන්න පුළුවන්.ඒ කියන්නේ දවසකට රුපියල් 3000 – 6000 අතර මුදලක් උපයන්න පුළුවන්. ඔයාට මේ උපයන මුදලුත් නැවත ආයෝජනය කලොත් ඊට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන්. එතකොට උපයන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒකයි මං කිව්වේ මේකේ ආදායම සීමාවක් නෑ කියලා. ඔයා අලුත් දෙයක් පටන් ගන්න බලාගෙන හිටපු කෙනෙක්නම් මේක තමයි හොදම මාර්ගය. ඉතින් දැන් ඔයාලට දළ අවබෝධයක් එන්න ඇති කොපමණ මුදලක් උපයන්න පුළුවන්ද කියලා.අපි ඉස්සරහා ලිපි වලදි මේක ගැන ගොඩක් කතා කරනවා. ඔයාලා දිගටම ලිපි බලන ගමන් මං කියන විදිහට මේක පුහුණු කරන්න ඕන.
රැකියාවක් කරනගමන් Forex Trading කරන්න පුලුවන්ද ?

ඔයා දැනටමත් Job එකක් කරන කෙනෙක් වෙන්න ඇති. රැකියාවේ අදායම මදි නිසා වෙනත් අදායම් මාර්ගයක් හොයන කෙනෙක් වෙන්න ඇති. එහෙනම් ඔයාට ගැලපෙනම, අලුතෙන් පටන්ගන්න පුළුවන් හොදම ආයෝජනය තමයි Forex කියන්නේ. අද ගොඩක් අයගේ රැකියාවෙන් ලැබෙන අදායමෙන් තමන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් සපුරගන්න බැරිවෙලා තියනවා. ගෙයක් , වාහනයක් , සැපවත් ජීවිතයක් කියන දේ හීනයක් වෙලා තියෙන්නේ. කවදාවත් අපි කරන රැකියාව පමණක් කරලා අපේ හීන වලට යන්න බැහැ. ඒ ජීවිතයට යන්නනම් ආයෝජනය කිරීම අනිවාර්යය දෙයක් වෙනවා. අපි උපයන මුදලින් කොටසක් ආයෝජනය කිරීම තුලින් අපේ ධනය වර්ධනය වෙනවා.
අපි අලුත් දෙයක් පටන්ගද්දී අපිට හරියන්න පුළුවන් වගේම වරදින්න පුළුවන් සම්භාවිතාවක් තියනවා. ඉතින් අපි කරන රැකියාවෙන් ඉවත්වෙලා අපි අලුත් දෙයක් පටගන්න එකේ අවධානමක් තියනවා. Forex කියන්නේ ඔයාට රැකියාවක් කරනගමන්ම කරන්න පුළුවන් දෙයක්. මේකට ලොකු කාලයක් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ. මමත් මුලදී රැකියාව කරන්ගමන් තමයි මේක පටන් ගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් යම්කිසි මට්ටමක පැමිණෙනකල් රැකියාවක් කරනගමන් මේක කරන්න.
Forex Trading පටන්ගන්න මොනවද තියෙන්න ඕනේ ?
Forex Trading කරන්න ඔයාට බොහොම පොඩි දේවල් ටිකක් තමයි අවශ්‍ය වන්නේ.
- මුලින්ම ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩදාගන්න උනන්දුවක් තියෙන්න ඕනේ. තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක්නම් මේක හරියන්නේ නැ. මොනවමහරි දෙයක් උත්සහ කරනවා කියන අදිෂ්ඨානය තියෙන්න ඕනේ. ඔයාට මෙච්චර කාලයක් එහෙම දෙයක් හිතුනේ නැති කෙනෙක්නම් අද ඉදන් එහෙම හිතන්න පටන්ගන්න.
- ඔයාට එක වැඩක් දිගටම කරගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. පාඩම් කියවද්දී කම්මැලි හිතෙන කෙනෙක්නම් වැඩ භාගෙට කරන කෙනෙක්නම් අද ඉදන් හරියට වැඩ කරන්න පටන්ගන්න ඕනේ.
- ආයෝජනයේ ඇති වටිනාකම සහ අවදානමක් ගන්න බය නැති කෙනෙක් වෙන්න ඕනේ. මේ ලෝකේ දියුණු වුන හැම කෙනෙක්ම අවදානමක් ගත්ත කෙනෙක්. අවදානම නැති තැන දියුනුවකුත් නැ. ඒක නිසා අවදානම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.
- ඉවසීම තියෙන්න ඕනේ. අපි හරිම තැන ගනුදෙනුව දාන්නනම් ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. Market එකේ හැසිරීම ඉවසීමෙන් බලන්න ඉන්න වෙනවා. කලබල වෙලා ගනුදෙනු කරන්න ගියොත් අපි Loss වෙනවා. ඒක නිසා ඉවසීම අත්‍යවශ්‍යයි.
මේ ටික තමයි ඔයාගේ ඇගේ තියෙන්න ඕන දේවල් ටික. මීට අමතරව අපිට Trade කරන්න Smart Phone එකක් හරි Computer එකක් හරි අවශ්‍ය වෙනවා. Computer එකක් තියනවනම් වඩාත් හොදයි. ඔයාට පුහුණු වෙද්දී ලේසි වෙනවා. Market View එක බලාගන්න පහසුයි. ඒක නිසා Computer හෝ Laptop එකක් භාවිතා කරනවානම් වඩාත් හොදයි.
මේකත් Stock Market එක වගේමද ?

කොටස් වෙළදපල යනු , සමාගම්වල කොටස් මිලදී ගැනීමට සහ විකිනීමට ඇති වෙළදපලයි. ඔයා කොටස් වෙළදපල ගැන සාමාන්‍ය දැනුමක් ඇති. ලංකාවේ ඉන්න ලොකුම ධනවතුන්ගේ ධනය තියෙන්නේ කොටස් වෙළදපලේ තමයි. කොටස් වෙළදපලේ සහ Forex වෙළදපල අතර සමානකම් තියනවා. අපි බලමු ඒ මොනවද කියල.
- කොටස් වෙලදපලේදී කොටස් ගැනුම්කරුවන් සහ විකුණුම් කරුවන් හම්බෙනවා. Forex වලත් මුදල් ගැනුම් කරුවන් සහ විකුනුම්කුවන් මුණගැහෙනවා.
- ඉහල අවදානමක් සහ ඉහල අදායමක් තියනවා.
- දත්ත මත තීරණ ගැනීම සහ Market Analysis
මෙන්න මේ දේවල් Forex සහ කොටස් වෙළදපල අතර තියන සමානකම්.
ඒ වගේම Forex සහ කොටස් වෙළදපල අතර වෙනස්කම් කිහිපයකුත් තියනවා.
- කොටස් වෙළදපලේ ලාභය මෙන් කිහිපගුනයක ලාභයක් Forex වලින් උපයන්න පුළුවන්.
- කොටස් වෙළදපල එක රටකට සීමා වීම සහ මුල්‍ය වෙළදපල මුළු ලෝකෙටම එකක් ලෙස ක්‍රියාත්මක වීම.
- කොටස් වෙලපලේ ආයෝජනය දිගු කාලීන අතර Forex වල ආයෝජනය කෙටි කාලීනයි.
Forex Trading විශ්වාසවන්ත ආයෝජන මාර්ගයක්ද?

ඔව් අනිවාර්යයෙන්ම Forex Market කියන්නේ ලෝකයේ විශ්වාසවන්තම වෙළදපල. මේකට ලෝකයේ හැම රටක්ම සම්බන්ද වෙලා තියනවා. දවසකට Dollar ට්‍රිලියන ගණනක් ගනුදෙනු මේක ඇතුලේ සිද්දවෙනවා. රටවල් වල මහා බැංකු සහ මුල්‍ය ආයතන සියල්ලක්ම Forex වෙළදපල ගනුදෙනුවල නිරත වෙනවා. ඒක නිසා Forex වෙළදපල ඉතාමත් ආරක්ෂාකාරී වෙලපලක්. කොටස් වෙලපලට වගේම Forex Market එකටත් අපිට කෙලින්ම සම්බන්ද වෙන්න බැ. Broker ආයතනයක් හරහා තමයි අපිට Forex Market එකට සම්බන්ද වෙන්න ඕන. ඒ දේවල් හැමදෙයක්ම මන් ඉස්සරහට කියල දෙනවා. ඒක නිසා Forex ආයෝජනය පිළිබද කිසිම අවිශ්වාසයක් තියාගන්න අවශ්‍ය නැහැ.
Forex මුදල් ආයෝජනයට පෙර පුහුණු වෙන්න පුලුවන්ද ?
අපිට මෙතනදි තිබෙන ලොකුම වාසිය තමයි මේක. අපි මොන ව්‍යාපාරයක් ආරම්භ කලත් අපි ඒ ව්‍යාපාරයට හරියන්න හෝ වරදින්න මුදල් යොදල පටන්ගන්නම වෙනවා. නමුත් Forex Trading ඔයාට නොමිලේම ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම නොමිලේම ගිණුමක් හදාගෙන ඇත්තම Forex Market එකේ පුහුණු වෙන්න පුළුවන්. මේක තමයි අපිට ලැබෙන ලොකුම වාසිය.
ඔයා Forex ඉගෙනගෙන Trade කරලා ලාබ ලබන තත්වයට පත්වුනහම ඔයාට පුළුවන් ඇත්ත සල්ලි ආයෝජනය කරලා මුදල් උපයන්න. ඒ වගේම පුහුණු වෙද්දී කරන්න බැහැ වගේ දැනුනොත් අයින් වෙන්න පුළුවන්. ඒක නිසා නිකන් මොනවත් නොකර ඉන්නවට වඩා මේ ලැබිල තියෙන අවස්ථාවලින් ප්‍රයෝජනගන්න එක ඔයාගේ තීරණක්.
හරි අද ලිපිය මෙතනින් ඉවරයි. ඊලග පාඩමෙන් අපි ඉගෙනගන්නවා Forex වල භාවිතා කරන මුදල් වර්ග ගැන. එහෙනම් දෙවැනි ලිපියත් පිලිවලට කියවන්න.