Hari Forex

Loading

Economic Calendar පළමුවන කොටස

අද මම ඔයාලට Forex වල වැදගත්ම පාඩම කියල දෙන්න තමා හදන්නේ. දැන් ගොඩදෙනෙක් ලිපිවල තියන පිලිවලට සාර්ථකව පුහුණු වෙනවා. ඒ පුහුණු වෙන අයට අද මම මේ කියල දෙන දේ උත්සහ කරලා බලන්න පුළුවන්. අපි හැමෝම Forex ඉගෙන ගන්නේ සල්ලි හම්බ කරන්නනේ. ඉතින් ඒකට අපි ලාභ ගන්න ඕනේ. අද මන් කියල දෙන්නේ ලෝකේ සිටින Forex වලින් සාර්ථක වුන අය භාවිත කරන ප්‍රධානම උපක්‍රමය ගැනයි. ඔයා දන්නවනේ Forex market එකේ මිල ඉහළ යයිද පහල යයිද කියල හරියටම කාටවත් කියන්න බැහැ. එත් අපිට පුළුවන් සාර්ථක නිගමන කරන්න. අන්න එහෙම නිගමන කරන්නේ කොහොමද කියල අපි මේ පාඩමෙන් බලමු.

ඇත්තටම මේ forex market එකේ විවිධ මුදල් වර්ගවල මිල ඉහළ පහල යන්නේ නිකන්ම නෙමේ. ඒවාට හේතු තියනවා. දැන් අපි ගොඩක් වෙලාවට ගණුදෙනු කරන්නේ ප්‍රබල රටවල් වල මුදල් වර්ග සමගනේ. ඉතින් මේ රටවල්වල දිනපතා විවිධ ආර්ථික කටයුතු සිද්ධ වෙනවා. අපේ රටේ වගේ නෙමේ. මේවා ඒ රටවල් වල බොහොම පිලිවලෙකට සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ වෙන දේවල් හරියට දැනගත්තොත් අපිට එකෙන් Forex මිල ගැන තීරණය කරන්න ලේසියි. අපිට මේ තොරතුරු ගන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. ඒකට වෙනම website තියනවා. අපි බලමු මේ website එකෙන් අපිට ඕන දේවල් කොහොමද ගන්නේ කියල.

මොකක්ද මේ Economic Calendar කියන්නේ?


සරලවම කිව්වොත් Economic calendar කියන්නේ. විවිධ රටවල් වල සිද්ධ වෙන ආර්ථිකමය සිදුවීම් දින වෙලාවල් සමග පිලිවලට සකස්කළ විස්තරයකටයි. ඒ කියන්නේ ප්‍රදාන රටවල එදිනෙදා සිද්දවෙන සිදුවීම් සහ ඒවගෙන් Forex market එකට වෙන බලපෑම කලින් බලාගන්න පුළුවන් ක්‍රමය තමයි මේ Economic calendar කියල කියන්නේ. 


නිවැරදි සහ වේගවත් යාවත්කාලින වීම සහ තවත් විශේෂ පහසුකම් සහිත Economic Calendar එකක් අපිට Investing.com වෙබ් අඩවියෙන් ලබා බලාගන්න පුළුවන්. අපි බලමු කොහොමද economic calendar එක භාවිතා කරන්නේ කියල.

Economic Calendar භාවිතා කරන ආකාරය 


මුලින්ම ඔයා Investing.com කියන website එකට යන්න. දැන් ඔයාට මම පහල දාල තියනවා වගේ පිටුවක් ලැබිල ඇති. එකේ බලන්න මම ඊතලයකින් පෙන්නලා තියන Tool කියන තැනට mouse එක ගෙනියන්න. ඒ එක්කම පහලට තව options ටිකක් වැටෙයි. එතනින් Economic calendar කියන එක click කරන්න. පල්ලෙහා පින්තුරේ මම කොටු කරලා පෙන්නලා තියනවා එතන.


ඊට පස්සේ ඔයාට ලැබෙයි පල්ලේහා මම දාල තියනවා වගේ පිටුවක්. මේක තමයි අපේ Economic calendar එක. මෙහෙම බැලුවට මුකුත් තේරෙන්නේ නැහැ. අපි මුලින්ම මේක පිලිවලකට හදාගන්න ඕනේ. හරි බලන්න දැන් මන් පල්ලෙහා දාල තියන පින්තුරේ ඊතල දෙකකින් වෙලාවල් දෙකක් පෙන්නලා තියනවා. උඩ තියන ඊතලය ගාව තියෙන්නේ current time කියල වෙලාවක් දාල තියනවා අනිත් ඊතලයෙන් අපේ computer එකේ තියන වෙලාව පෙන්නලා තියනවා. ඔයාට පේනවා ඇති මේ වෙලාවල් දෙක වෙනස් කියල මුලින්ම අපි මේ වෙලාව අපේ computer එකේ තියන වෙලාවට හදා ගන්න ඕනේ. (computer එකේ තියන වෙලාව වැරදිනම් හරි වෙලාව දාගන්න.) හරි ඒකට ඔයා මුලින්ම current time කියන එක click කරන්න.


ඊට පස්සේ පහල පින්තුරේ දාල තියනවා වගේ ලිස්ට් එකක් එයි. එතනින් GMT +5.30 කියන වෙලාව තෝරන්න. එතන Sri Jayawardanapura කියල තියනවා. හරි දැන් බලන්න ඔයාගේ computer එකේ වෙලාවයි economic calendar එකේ වෙලාවයි සමාන වෙන්න ඕනේ.


හරි දැන් ඔයා බලන්න මෙතන අපි ගණුදෙනු කරන මුදල් වර්ග වගේම අපිට අවශ්‍ය නැති මුදල් වර්ගත් තියනවා. ඒකනිසා අපිට අවශ්‍ය මුදල් වර්ග විතරක් තියාගෙන අනිත් ඒවා අයින් කරගමු. අපිට අවශ්‍ය වෙන්නේ EUR , USD , GBP කියන මුදල් වර්ග විතරයි. ඔයා මුලින්ම පල්ලෙහා පින්තුරේ කොටු කරලා තියන Filters කියන තැන click කරන්න.


දැන් ඔයා මෙතනින් අපිට අවශ්‍ය රටවල් ටික පමණක් තෝරාගන්න ඕනේ. EUR භාවිත කරන රටවල් කිහිපයක් තියන නිසා අපි ඒ හැම එකක්ම select කරන්න ඕනේ. මම පහතින් දාල තියන රටවල් ටික select කරන්න. අනිත් ඒවා අයින් කරන්න. 


EUR – 
Austria, Belgium, Cyprus, Estonia, Finland,France, Germany, Greece, Ireland, Italy, Latvia, Luxembourg, Malta, Netherlands, Portugal, Slovakia, Slovenia,Spain.

GBP – United Kingdom

USD – United States


මෙන්න මේ රටවල් ටික select කරන්න. ඊට පස්සේ ටිකක් පහලට එද්දී ඔයාලට බලාගන්න පුළුවන් මන් පල්ලෙහා දාල තියනවා වගේ තව දේවල් ටිකක්. එතනත් මන් පින්තුරේ දාල තියන විදියට ඒ ටික select කරන්න . ඊට පස්සේ පල්ලෙහා තියන apply කියන එක click කරන්න.


මෙන්න මේ රටවල් ටික select කරන්න. ඊට පස්සේ ටිකක් පහලට එද්දී ඔයාලට බලාගන්න පුළුවන් මන් පල්ලෙහා දාල තියනවා වගේ තව දේවල් ටිකක්. එතනත් මන් පින්තුරේ දාල තියන විදියට ඒ ටික select කරන්න . ඊට පස්සේ පල්ලෙහා තියන apply කියන එක click කරන්න.


හරි දැන් ඔයාට පැහැදිලිව අපිට අවශ්‍ය දේවල් ටික විතරක් ඇවිත් ඇති. දැන් ඔයාට මම කියල දෙන්න හදන්නේ මෙතන තියන දේවල් මොනාද කියල. බලන්න මම පල්ලෙහා දාල තියන පින්තුරේ දිහා. එකේ මම නම් කරලා තියනවා කොටස් වෙන වෙනම. අපි බලමු ඒ මොනාද කියල. 

A – මෙතනින් තමයි ඔයාට අවශ්‍ය කාලය තෝරාගන්න පුළුවන්. ඔයාට ඕනේ අද දවසේ සිදුවීම් ටික විතරක් බලගන්නනම් Today කියන එක click කරන්න. සතියෙම සිදුවීම් බලන්න අවශ්‍යනම් This Week කියන එක click කරන්න. ඒ ආකාරයට ඔයාට අවශ්‍ය කාල රාමුවක් තෝරාගන්න පුළුවන්.


B – මෙතන තියෙන්නේ ගොන් මුහුණු තුනක්. එකෙන් අදහස් කරන්නේ ඒ අදාල සිදුවීම Market එකේ මිල වෙනස් වෙන්න ලොකු බලපෑමක් කරනවා කියන එක. මේ වගේ වෙලාවල් වලට ගණුදෙනු කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.


C – මෙතන තියෙන්නේ ගොන් මුහුණු දෙකක්. එකෙන් අදහස් කරන්නේ ඒ අදාල සිදුවීම Market එකේ මිල වෙනස් වෙන්න සාමාන්‍ය බලපෑමක් කරනවා කියන එක. මේ වගේ වෙලාවල් වලට ගණුදෙනු කරද්දී යමතාක් දුරකට සැලකිලිමත් වෙන්න ඕනේ.


D – මෙතන තියෙන්නේ ගොන් මුහුණු එකක්. එකෙන් අදහස් කරන්නේ ඒ අදාල සිදුවීම Market එකේ මිල වෙනස් වෙන්න අඩු බලපෑමක් කරනවා කියන එක. මේ වගේ වෙලාවල් වලට ගණුදෙනු කරද්දී එතරම් සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ.


E – මෙතන තමයි අදාල දත්ත වැටෙන්න. මෙතන පාට තුනකින් ඔයාට ඉලක්කම් බලාගන්න පුළුවන්. රතු පාටින් අදහස් වෙන්නේ ඒ අදාල මුදල් වර්ගය පහල ගිය කියන එක. ඒ කියන්නේ sell market කියන එක. දැන් මෙතන EUR අදාල සිදුවීම රතු පාටින් පෙන්නනවා කියන්නේ EUR/USD මිල පහල යනවා කියන එක. ඒ වගේම කොළ පාටින් පෙන්නන්නේ අදාල මුදල් වර්ගය ඉහළ යනවා කියන එකයි. කළු පාටින් පෙන්නනවානම් එකෙන් අදහස් වෙන්නේ බලපෑමක් වෙලා නැහැ කියන එක. හැබැයි මේ අංක මේ විදියට වැටෙන්නේ ඒ අදාල සිදුවෙන වෙලාවටයි. එක නිසා මේවා කලින් බලන්න බැහැ.


F – මෙතනින් අපිට අදාල සිදුවීම් වල පිළිතුර බලාගන්න පුළුවන්. Previous කියන්නේ මේ සිදුවීමට කලින් මාසයේදී ලැබුන ප්‍රතිපලයයි. ඒ වගේම Forecast කියන්නේ මේ පාර සිදු වෙන දේ අනුමාන කරලා කියන තැන. මෙම උපකල්පනයන් ඉදිරිපත් කරන්නේ ආර්ථික කරුනු ,සමාජමය කරුනු අධයනය කිරිමෙනි. ඉතාම වැදගත් මෙම උපකල්පනයන් හැම විටම නිවරදි නොවේ.
Actual කියල කියන්නේ ඇත්තටම මේ පාර ලැබුන result එක. ඒක වැටෙන්නේ ඒ අදාල වෙලාවට.


මේ ටික තමයි ඔයාට දැනගන්න තියෙන්නේ. ඔයා දැන් මේ සිදුවීම් සිද්ද වෙන වෙලාවල් මතක තියාගෙන ඉන්න ඒ වෙලාවට result එක බලල trade දාන්න පුළුවන්. තව මේ website එකෙන් අපිට Forex news වගේ දේවලුත් බලාගන්න පුළුවන්. හරි අපි එහෙනම් අදට නවත්තමු. ඔයාට මේක හරියට තෙරුනනම් දැන් මුදල් තැන්පත් කරල real trading කරන්න පුළුවන්. මේකත් හොදට පුහුණු වෙන්න.

යම් කිසි දත්තයක නිදහස් කරපු මොහොතේම සමහර වෙලාවන් වලදී Market විශාල ලෙස වෙනස් වෙන්න පුලුවන්.ඒ වගේම් තමයි.එම මොහොතෙම ලොකු වෙනසක් නොපෙන්නුවත් දීර්ඝ කාලයක් එම දත්තය නිසා Market වෙනස් වෙන්න පුලුවන්. ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්න. ඔබට ජය

error: Content is protected !!