ඔයා දැන් දන්නවනේ අපි උපයන මුදල් අතට ගන්න භාවිතා කරන්නේ මේ Ez cash ක්‍රමය කියල. හැබැයි අපේ Nordfx ගිණුමේ තියන මුදල් කෙලින්ම අපේ Ez cash ගිණුමට දාගන්න බැහැ. ඒකට අපිට Skrill ගිණුමක් ඕන වෙනවා. මම කලින් ලිපියකදී කියල දුන්න කොහොමද Skrill ගිණුමක් හදාගන්නේ කියල. තාම Skrill ගිණුමක් හදාගෙන නැත්තම් මේ ලිපිය බලල ගිණුමක් හදාගන්න. ඒ වගේම අපිට Ez cash ගිණුමකුත් හදාගන්න වෙනවා. එකනම් බොහොම පොඩි වැඩක්. හැබැයි Ez cash ගිණුමක් හදාගන්න පුළුවන් Dialog , Etisalat , Hutch සිම් පාවිච්චි කරන අයට විතරයි. මොකද Ez cash සේවාව ලබාගන්න පුළුවන් ඒ අයට විතරයි. ඔයාට කරන්න තියෙන්නේ #111# කියල type කරලා රින්ග් කරන්න. ඊට පස්සේ එන උපදෙස් වලින් Ez cash කියන එක තෝරලා ගිණුම හදාගන්න පුළුවන්. එහෙම ගිණුම හදද්දී අපිට pin code එකක් type කරන්න වෙනවා. මේ pin code එක ඔයාට හොදට මතක හිටින එකක් දාගන්න. මොකද අපිට සල්ලි ගද්දි මේ pin code එක ඕන වෙනවා. හරි දැන් මේ ටික ලස්තිනම් අපි බලමු අපේ ගිණුමේ තියන මුදල් කොහොමද Ez cash හරහා ගන්නේ කියල. 

Nordfx ගිණුමේ මුදල් Skrill ගිණුමට මාරු කරගැනීම


මුලින්ම ඔයා ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් පහල දාල තියනවා වගේ පිටුවක්. බලන්න මෙතන තියනවා  MT4 balance කියල එකක්. මෙතන තමයි ඔයා උපයපු මුදල් තියෙන්නේ. ඒ එක්කම ඔයා ආයෝජනය කරපු 100$ හෝ වෙනත් මුදලත් මෙතන තියනවා. මේ දෙකම එකතු කරලා තමයි එතන දාල තියෙන්නේ. දැන් හිතන්න ඔයා $ 100 Deposit කරල ගණුදෙනු වලින් $ 50 ක ලාභයක් අරගෙන තියනවා කියල. එතකොට මෙතන $ 150 කියල පෙන්නනවා. දැන් ඔයා බලන්න ඊට ටිකක් උඩින් Account balance කියල එකක් තියනවා. අපි සල්ලි ගන්නකොට මෙන්න මෙතනට අපිට අවශ්‍ය මුදල දාගන්න ඕනේ. ඒකට මුලින්ම ඔයා මම පහල පින්තුරේ  පෙන්නලා තියන තැන click කරන්න. 


ඊට පස්සේ ඔයාට පහල දාල තියනවා වගේ කොටුවක් එයි. එතන ඔයාට අවශ්‍ය මුදල් ප්‍රමාණය දාන්න ඕනේ. මතක තියාගන්න අපි මේ ගණුදෙනු ඔක්කොම කරන්නේ USD වලින් ඒක නිසා හැමතැනම දාන්න ඕනේ අපිට අවශ්‍ය usd ප්‍රමාණය විතරයි. හරි දැන් අවශ්‍ය මුදල දාල දකුණු පැත්තේ තියන Continue කියන එක click කරන්න.


ඊට පස්සේ ඔයා ඒ දාපු මුදල ක්ෂණිකවම උඩ තියන Account Balance කියන තැනට එකතු වෙනවා. හරි දැන් අපිට කෙලින්ම Skrill ගිණුමට මේ මුදල් දාගන්න පුළුවන්. මම මේ කියන පිලිවලටම කරගෙන යන්න එතකොට පැටලෙන එකක් නැ. දැන් ඔයා Account balance එකට පහලින් තියන Withdrawal කියන එක click කරන්න. මම පහල පින්තුරේ පෙන්නලා තියනවා.


ඊට පස්සේ ඔයාට මම පහල දාල තියනවා වගේ පිටුවක් ලැබෙයි. මේකේ ටිකක් පහලට යද්දී Online Payment System කියන තැන තියනවා Skrill කියන එක. දැන් ඔයා Skrill කියන එක select කරන්න.


හරි ඊට පස්සේ මම පහල දාල තියනවා වගේ පිටුවක් එයි. එතන ඔයාට අවශ්‍ය මුදල් ප්‍රමාණය දාල ඔයාගේ Skrill ගිණුමේ Email address එක දාන්න ඕනේ. ඊට පස්සේ Submit කියන එක click කරන්න. මුදල් ප්‍රමාණය දාද්දි අපි අර account balance එකට දාගත්ත ප්‍රමාණයට වඩා මෙතන දාන්න යන්න එපා. මොකද අපිට ගන්න පුළුවන් එතන තියන ප්‍රමාණය විතරයි.


ඊට පස්සේ ඔයාට තවත් පිටුවක් ලැබෙයි එතන confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ Skrill ගිණුමට මුදල් තැන්පත් වෙලා ඇති.

Skrill ගිණුමෙන් Ez cash ගිණුමට මුදල් මාරු කරගැනීම



හරි දැන් ඔයා ඔයාගේ Skrill ගිණුමට ලොග් වෙන්න ඕනේ. දැන් බලන්න ඔයා Nordfx ගිණුමෙන් මාරු කරපු මුදල් Skrill ගිණුමට ඇවිත් තියෙන්න ඕනේ. බලන්න Available balance කියන තැන මුදල ඇති. හරි දැන් ඔයා මුලින්ම මම පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියන Withdraw කියන එක click කරන්න. ඊට පස්සේ එන පිටුවේ Mobile Wallet කියන එකේ Withdraw Now click කරන්න. මම ඒ දෙකම පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියනවා.


හරි ඊටපස්සේ පහල දාල තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතනින් ඔයා Ez Cash කියන එක තෝරන්න ඊළගට ඔයාගේ Ez cash ගිණුම හදල තියන Mobile Number එක දාන්න. ඊටපස්සේ Add & Continue Click කරන්න.


දැන් ඔයාට අවශ්‍ය මුදල දාල Next කරන්න. එකපරකට ez cash ගිණුමට මුදල් දැමිය හැකි ප්‍රමාණයක් තියනවා. එක limit කියල පහලින් පෙන්වනවා.

Ez Cash ගිණුමෙන් මුදල් අතට ගැනීම 




මේකනම් හරිම ලේසි දෙයක්. අපිට මේ සල්ලි ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා.
01 . Ez cash Dealer කෙනෙක්ගෙන් 
02 . Commercial Bank ATM එකෙන් 

දැන් ඔය පලවෙනි ක්‍රමේ මහ ලොකු කියල දෙන්න දෙයක් නැ. ඔයාට තියෙන්නේ ඔයාගේ Ez cash ගිණුම තියන mobile එකත් අරගෙන Communication එකකට යන එක විතරයි. හැබැයි Ez cash dealer කියල ඉස්සරහ කහ පාට board එකක් ගහල තියෙන්නේ ඕනේ communication එකේ. එකේ ඉන්න කෙනාට Ez cash සල්ලි ගන්න ඕනේ කියල කිව්වහම එයා ඔයාට සල්ලි අරන් දෙනවා.


Commercial Bank ATM



මමනම් හිතන විදියට ඔයාට ලේසිම ක්‍රමේ මේක. මේකට ඔයාට ඕන වෙන්නේ commercial bank atm එකක් විතරයි. මේකෙදිත් සාමාන්‍ය atm එකෙන් සල්ලි ගන්න විදියටම තමා කරන්න තියෙන්නේ. වෙනස card කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැ. මම සල්ලි ගන්න විදිය පියවරෙන් පියවර කියල දෙන්නම්.

01. Commercial Bank Atm එකකට යන්න
02. Security කෙනාගෙන් අහන්න Ez cash ගන්න පුළුවන් මොකෙන්ද කියල එයා පෙන්නන Atm එකට යන්න.
03. පහලින් තියන Cardless Transaction කියන එක click කරන්න.
04. ඔයාට පහසු භාෂාව තෝරන්න
05. Ez cash කියන එක select කරන්න
06.ඔයාට ලබාගන්න අවශ්‍ය මුදල ඇතුලත් කරන්න.
07. ඔයාගේ Ez cash ගිණුම තියන mobile number එක ඇතුලත් කරන්න
08. ඔයාගේ දුරකතනයට එන message එකට ඔයාගේ ez cash ගිණුමේ pin number එක reply කරන්න.
09.මුදල් ලබාගන්න.


ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක දෙතුන් පාරක් කරද්දී බොහොම පොඩි දෙයක් වෙනවා. මම කියපු පිලිවලට කරගෙන ගියානම් වරදින්නේ නැහැ. නොතේරෙන දෙයක් තිබුනොත් මගෙන් අහන්න.අපි එහෙනම් ඊලග පාඩමෙන් හම්බෙමු. ඊලග පාඩම ගොඩක් වැදගත් පාඩමක්.