Lots , Leverage , Margin

මම හිතන විදියට Forex ගැන ලොකු අවබෝධයක් ඔයාට දැන් ලැබිල තියෙන්නේ. මේ දේවල් මහා ලොකු අමාරු දේවල් වගේ හිතන්න එපා. සරල විදියට හිතන්න. එතකොට තේරුම්ගන්න හරිම ලේසියි. මම හැමදාම කියනවා වගේ උනන්දුව සහ උත්සහය තමයි ඕනේ. ඒ දෙක තියනවනම් ඕනෑම කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්. මම මේ ලිපියෙනුත් ඔයාට Forex කරද්දී අපි දැනගන්නම අත්‍යවශ්‍ය Lots , Leverage , Margin ගැන කියල දෙන්න තමයි උත්සහ කරන්නේ.

ඔයා දැන් හොදටම දන්නවා trading එකක් open කරන්න close කරන්න. තව pending order කියන්නේ මොකක්ද වගේ දේවල්. ඒ එක්කම මම කලින් ලිපියේදී කියල දුන්න ඔයාට trade යොදල අපි ලාභ ගන්නේ කොහොමද කියන එක. ඔයා ඒ දේවල් හොදට පුහුණු වුනානම් දැන් හොදට ඔයාට ඒ දේවල් පුළුවන් වෙන්න ඕනේ. මම අද කියල දෙන ටිකත් හරියටම ඉගෙන ගන්න වෙනවා. මොකද මේ දේවල් හරියට දන්නේ නැතුව Forex කරන එකේ තේරුමක් නැහැ. Forex උගන්වන ගොඩක් අය මේ දේවල් කියල දෙන්නෙත් නැ ගොඩක් වෙලාවට. ඒ උනාට මේ දේවල් ගොඩක් වැදගත් දේවල්. ඒක නිසා හරියට ඉගෙන ගන්න. ලොකුවට හිතන්න එපා. සරලව හිතන්න එතකොට තේරෙනවා. හරි අපි ලිපියට යමු.

Lots කියන්නේ මොකක්ද?

ඔන්න අපි තවත් Forex වල තියෙන දෙයක් ඉගෙන ගන්නයි යන්නේ. Lots කියන වචනේ ඔයාට Forex Trading වලදි ගොඩක් හමිබවන වෙන වචනයක්. ඔයා Trading එකක් Open කරන්න යනවනමි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඔනි. හරි දැන් ඔයාටමතක ඇති අපි Trading එකක් විවෘත කරන කොට අපිට හමිබවුනා Volume = 0.1 , 0.2 , 0.3 ආදි වශයෙන් තියන ඒවා වගයක්. අමතක නමි ඔය MT4 Software එක විවෘත කරලා අර Trading Window එක open කර ගන්න. එකේ Volume කියන එකේ තමයි මෙවා තියෙන්නේ. ඔන්න මතක තියා ගන්න මේවට තමයි Lots කියලා කියන්නේ. දැන් ඔයා බලනවා ඇති ඇයි මේවා වැදගත් වෙන්නේ කියලා.

දැන් ඔයා යමි කිසි මුදල් ප්‍රමාණයක් ගිණුමට තැනපත් කළාට පස්සේ මෙම Lots ගැන අවබෝධයක් නැති අය තමයි ඔය ඉක්මනටම ගිණුම Loss කර ගන්නේ. මොකද Lots කියන එකෙන් තමයි අපි යොදවන මුදලට අපිට යෙදවිය හැකි ගනුදෙනු ප්‍රමාණය බලා ගත හැක්කේ. ඔය අපි කොටස් වෙළද පොළට මුලික තැන්පතුව රැ ලක්ෂ 10 ක් දැමිමනමි අපි ඒ ඔක්කෝම එකපාර දාලා කොටස් ගන්නේ නැනේ. අපි කොටස් ගන්නේ මේ ලක්ෂ 10 න් පොඩි ගාණක නේද ? ලක්ෂයක වගේ. අන්න ඒ වගේ කරන්න තමයි Forex Market එකේ අපි lots කියන ඒකකය භාවිතා කරන්නේ.

දැන් අපි මුදල් වර්ගයක් (Currency Pair ) එකක් ගනිමු. GBP/USD. දැන් මෙකේ ප්‍රධාන මුදල් වර්ගය එක GBP නේ. ඒ වගේම අනිත් Currency එක USD. හරි දැන් ඔය කිලෝ එකකට ග්‍රෑරැමි කියනවා වගේ තමයි Lots එකකට 100,000 ක් තියෙනවා. මෙතනදි මතක තියා ගන්න Lot 1 කියන්නේ අර 0.1 ක් නෙමේ. 0.1 කියන්නේ Lot 1 නුත් 10 න් පංගුවක්. අපි Real Account වලට යනකොට මේ ප්‍රමාණය 0.01 දක්වා අඩුවෙනවා. එතකොට Lot 1 කියන්නේ

Lot 1 = 100,000 යි. ( 100,000 කියන්නේ සමිමත් යුනිටි. දැන් ඔයාලා මේක ගැන දහඅතේ කල්පනා කරන්න එවා මොකක්ද මේ යුනිට් වර්ග කියලා. මෙක මේ විදියට මතක තියා ගත්තම හොදටම ඇති.) 

දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. ඊට කලින් පහත ටිකත් බලන්නකෝ. 

Lot 1 = 100,000  ( Lot 1 කියන්නේ අපි ගණුදෙනු යොදද්දී දාන volume එක 1 යි කියන එක )

දැන් අපි දාන ගනුදෙනුවලදී මේක භාවිතා වෙන විදිය බලමු.
Volume 0.01 = 100,000 බෙදීම 100 
Volume 0.1   = 100,000 බෙදිම 10
volume 1      = 100,000

දැන් මේ මම උඩින් දාලා තියෙන ප්‍රමාණයන් අපි අපේ Trading වලට යොදාගෙන බලමු මොකක්ද වැදගත් කම කියලා. දැන් ඔයා හිතන්න මේ වෙලාවේ GBP/USD මිල 1.5800 කියලා. දැන් ඔයාට මෙතනදි Buy Order එකක් හරි Sell Order හරි දාන්න ඔනි. එහේම දාන්න ඔනිනමි ඔයා අනිවාර්යෙන්ම Lot කීයක් හරි ගන්න වෙනවනේ. නැත්නමි Trading Open වෙන්නේ නැති නිසා. හරි දැන් මේ 1.5800 දි GBP Lot 1 ක් (ඒ කියන්නේ ඔයාට Volume කියන එකට 1 දැම්මොත්)  ගන්න  ඔයාට USD කීයක් ඔනි වෙනවද (අපි ජ්‍යාත්‍යන්තර ගණුදෙනුවලදි භාවිතා කරන්නේ USD . හරියට ලංකාව ඇතුලත ඔයා රැපියල් වලින් යමි භාණ්ඩයක් ගන්නවා වගේ.) එතකොට ඔයාට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය වෙන්නේ,

GBP Lot 1 = 100,000 

100,000 x 1.5800 = USD 158,000 ක් අවශ්‍ය වෙනවා. ආපොයි Trading කරනවා තියා හිතන්නවත් බැරි ගාණක් නේද ? මොකද රැපියල් වලින් බැලුවොත් ලොකු ගාණක් යනවා 1 ක් ගන්න. ඔන්න ඔයාට Leverage කියන එක මෙතනදි අදාල වෙනවා. මේ Leverage නැතිනමි අපට Forex Market එකේ ගණුදෙනු කරනවා කියලා හිතන්නවත් බෑ. හරි දැන් එතකොට අපි ඉහළින් දැක්ක 0.1 කියන්නේ මේ lot 1 දහයෙන් පංගුවක්. ඔක Real Account එකකට ගියාම 0.01 වෙනවනේ. ඒ කියන්නේ Lot 1 න් 100 න් පංගුවක්. දැන් අපි Leverage කියන එකට යමුකෝ. 

Leverage කියන්නේ මොනවද ? 

දැන් අපි ඉහළින් දැක්ක අපිට Forex Market එකේ Lot 1 ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100 ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න පුලුවන් බව. එහේනමි ඒ කොහෝමද ? මෙන්න මෙ කියන Leverage එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඔය Leverage කියන එවා 400:1 , 200:1 , 100:1 , 50:1 ආදි වශයෙන් අපිට Forex Broker ආයතනයන් සපයනවා. සාමාන්‍යෙයන් හොදම Leverage එක තමයි මේතන තියෙන 500:1 කියන එක. දැන් ඔයාට ප්‍රශ්ණයන් නේ මොකක්ද මේ කියලා. මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර පෙන්වීම. පහත උදාහරණය බලන්නකෝ.

අපි හිතමු ඔයාගේ Leverage 500:1 කියලා. දැන් වෙළද පොලේ GBP/USD තියෙන මිල 1.5800 නමි ඔයාට GBP Lot 1 එකක් ගන්න අවශ්‍ය වන USD කීයද ? 

GBP Lot 1 = 100,000
100,000 x 1.5800
USD 158,000 /-
නමුත් මේ එන USD මුදල් ප්‍රමාණය Leverage කළ විට 
158,000 බෙදීම 500 = USD 316 යි.

දැන් ඔයාට 500:1 Leverage යටතේ GBP Lot 1 ගන්න සත්‍ය වශයෙන්ම වැය වන USD ප්‍රමාණය 316 යි. ඒ කියන්නේ රැපියල් වලින් කීයද කියලා බලන්න. නමුත් අපි කවදාවත් Lot 1 (Volume 1 ) ක් එකපාර ගන්නේ නැ. ඒ විදියට ගන්නේ ලොකු සල්ලි කාරයෝ. අපි ගන්නේ Lot 0.01 ඉදලා ඉහළට. ඉතින් real Account එකකදි අවමය 0.01 Lot Size එකෙන් එක Trade එකක් දාන්න අපිට ඩොලර් 3.16 වැය වෙනවා. (316 බෙදීම 100) දැන් පෙනවා නේද අපි වගේ අයට ගනුදෙනු කරන්න ගාණට ප්‍රමාණය අඩුවෙන හැටි. දැන් මෙක Lot Size වලට වැය වෙන ඩොලර් ප්‍රමාණය අපිට Margin කියන එකට අදාලයි. ඔය margin කියන එක තමයි අපිට අනෙක් වැදගත්ම දේ. මම මේ පහතින් දාලා තියෙන්නේ Trading එකක් Open කළාට පස්සේ එකේ විස්තර වැටෙන තැන. ඔයාලට පේනවා නේද එතන margin කියලා එකක් තියෙනවා. 

හැබැයි මේ මාර්ජින් කියන එකට යන්න කිලින් අපි දැන් කථා කරපු Leverage ගැන තවත් වැදගත් දෙයක් මට කියන්න තියෙනවා. අපි කතා කරපු leverage එකට අමතරව විවිධ ප්‍රමාණ වලින් leverage තියනවා. උදාහරණයක් විදියට 100:1 , 400:1 , 500:1 ආදි වශයෙන්. සාමානයෙන් ගොඩක් තැරැවිකාර සමාගමි උපරිමය විදියට 500:1 ලබා දෙනවා. ඒ කියන්නේ අපි පුලුවන් තරමි වැඩි Leverage එකකට යන එක අපිට වාසි. මම උඩින් පැහැදිලිවම කිවිවනේ Leverage කියන එක අපිට තැරැවිකාර සමාගමි ලබා දෙන්නේ අපි ගණුදෙනුවක් සදහා යොදන ගාණ අඩු කරලා ගණුදෙනු කරන්න අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. ඒක නිසා මෙතනදි තෙරැමි ගන්න ඔනි ප්‍රධානම දේ තමයි අඩු Leverage එකකට වඩා වැඩි Leverage එකකට යන එක අපිට වාසි කියන එක.

දැන් අපිට 200:1 Leverage එක යටතේ අපි උඩින් කථා කල ගණුදෙනුව විවෘත කරනවනම් අපි වෙළද පොළට $ 7.9 ( 1580 බෙදීම 200) ක් යොදවන්න වෙනවා. හරි එහේනමි අපි වැඩි Leverage එකකට ඒ කියන්නේ 400:1 , 500:1 වගේ යනකොට මේ යොදන්න සිදුවන $ ප්‍රමාණය තවත් අඩු වෙනවා. 100:1 , 50:1 ට වගේ ගියොත් යොදන්න තියෙන ගාන තව වැඩි වෙනවා. 

200:1 = $ 7.9 (ආසන්න වශයෙන්) නමි,

500:1 = $ 3.6 ක් (ආසන්න වශයෙන්) තමා යොදන්න වෙන්නේ. ඒක නිසා 500:1 යන එක වාසි නේද ? මොකද යොදන්න තියෙන ගාන අඩු වුනා කියලා අපිට ලැබෙන ලාබයේ වෙනසක් වෙන්නේ නැ. පැහැදිලිනේ. අපි ගිණුම හදද්දිම  දැම්මේ 1.500 නිසා ඒක ගැන බයවෙන්න දෙයක් නැහැ.  

Lots , Leverage , Margin

Margin කියන්නේ මොකක්ද ?

දැන් මේ කියන්නේ මොකක්ද කියලා බලමු. මං ඉහතින් දාලා තියෙන ඒවා දැන් ඔයාට පැහැදිලි නේ. පැහැදිලි නැතිනමි හොදට අධ්‍යනය කරන්න. ඔය මම පුලුවන් ලේසිම විදියට තමයි ලියලා තියෙන්නේ. මොකද මම Forex Trader මිසක් ලේඛකයෙක් නොවන හින්දා. හරි අපි හිතමු ඔයා දැන් මුලින්ම ඔයාගේ ගිණුමට $ 100 ක් දැමිමා කියලා. මම කලිනුත් කියලා ඇති ඔය පරික්ෂා කරලා බලන්න එහේම $ 50 ක් වගේ ගාණක් දාන්න හිතාගෙන ඉන්න අය ඉන්නවනමි මෙක මෙතනින්ම නවත්තලා දාන්න කියලා. මමනමි අනුමත කරන අවම මුදල 100 ක්. හරි ඔයා $ 100 ක් දැමිමනමි දැන් ඔයාට 0.01 Lot Size එකෙන් එක Trading එකක් Open කරන්න සත්‍ය වශයෙන්ම USD කීයක් යනවද ? හදල බලන්න. හරියට අර කොටස් වෙළද පොලට ලක්ෂ 10 ක් මුලිකව දාලා එකෙන් ලක්ෂ 1 ක් භාවිතා කරලා කොටස් ගන්නවා වගේ වැඩක්. හරි අපි හදලා බලමුකෝ. 

>> මුලික ආයෝජනය = $ 100

>> Lot Size එක එක Trading එකක් සදහා = 0.01 (මෙ කියන්නේ Trading Window එකේ volume එකේ අවම ප්‍රමාණය)

>> GBP/USD වෙළද පොල මිල = 1.5800

දැන් ගාණ හදමු 

Lot 1 = 100,000
100,000 x 1.5800 = USD 158,000
158,000 බෙදීම 500 (500:1 නිසා) = USD  316
Lot Size එක 0.01 නිසා = USD 316 බෙදීම 100 = USD 3.16 යි.

දැන් අපිට 0.01 Lot Size එකෙන් එක Trading එකක් දාන්න USD 3.16 ක් වැය වෙනවා. මෙක ආපහු අපිටම ලැබෙනවා අපි විවෘත කරපු ගණුදෙනුව Close කරාට පස්සේ. ඒ කියන්නේ අපි $ 100 ක් දාලා එකෙන් $ 3.16 ක් භාවිතා කරලා Trading එකක් open කළාට පස්සේ මෙක ලාභ පිට හෝ ආලභ පිට Close කරාට පස්සේ අපිට මේ ආයෝජනය නැවත අපේ ගිණුමට ලැබෙනවා. දැන් අපේ මෙ ගනුදෙනුව යෙදෙවිවා කියලා හිතමු. බලන්න එතකොට ඉහත ඒවා වෙනස්වන විදිය

Balance = $ 100
Equity = (Trading එක Close කරනකමි ඔබ ලබලා තියෙන ලාභය හෝ අලාභය Balance එකේන අඩු කරලා හරි එකතු කරලා හරි පෙන්වන එක. )
Margin = $ 3.16 
Free Margin = 100 – 3.16 – (දැනට තියෙන ලාභය හෝ අලාභය) 


ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේ සියල්ල නැවත හොදින් කියවලා අවබෝධ කර ගන්න අවශ්‍යයි. මොකද අපි කොචිචර Trading දැමිමත් මේ Free Margin එක අපි මුලිකව යොදවපු මුදලෙන් (ඒ කියන්නේ ඩොලර් 100) 50% කට වඩා අඩුවෙන්න හොද නැ. ඒක නිසා $ 100 ක් ගිණුමට දාන අය එක Trading එකක් ඉවර වුනාට පස්සේ තමයි තව එකක් දාන්න ඔනි. ඒ කියන්නේ එකක් ඇර එකක්. ඔය Real Account වලට ගියාට පස්සේ මේ උපදේශය අනිවාර්යෙන්ම තදින්ම පිළිපදින්න ඔනි. නැත්නමි Loss Sure. එහෙම ලොස් වෙන්න අකමැති අය ඉන්නවනමි වැඩි මුදලක් Deposit කරන්න ඔනි. දැන් ඔයාලා නැවත පාරක් මේ ලිපිය හොදින් කියවලා තනියම අවබෝධ කර ගන්න උත්සහ කරන්න ප්‍රශ්ණ තියෙනවනමි කෙමෙන්ටි කරන්න. මම පිළිතුරැ දෙන්නමි. එ වගේම මේ ලිපිය බොහෝම වැදගත් එකක්. මෙක හරියට අවබෝධ කර ගෙන Trading වලට ගලපා ගන්න ආකාරය අත්හදා බලන්නකෝ.

Next Lesson – මුල සිට පැහැදිලි කිරීම

Facebook – Hari Forex