උපයන මුදල් අතට ගන්න ආකාරය

ගොඩක් දෙනෙක් දැනගන්න උනන්දුවෙන් හිටපු දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔයාලට ගිණුමට මුදල් තැන්පත් කරන එක වගේම උපයන මුදල් ඔයාගේ අතට ගන්න එක දැන් බොහොම පහසු දෙයක්. ඔයා දැනටමත් දන්නවනේ Ez cash කියන්නේ මොකක්ද කියල. දන්නේ නැති අයට මම කියල දෙනවා. ඉතින් අපි උපයන මුදල් අපේ අතටම ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි මේ Ez cash කියන්නේ. හැබැයි අපිට අපේ ගිණුමේ තියන මුදල් කෙලින්ම Ez cash හරහා ගන්න බැහැ. ඒකට අපි ළග අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. ඔයා දැනටමත් අහල ඇතිනේ Skrill අන්තර්ජාල මුදල් හුවමාරු සමාගම ගැන. මේක දැනට ලෝකේ තියන විශ්වාසවන්තම සහ විශාලතම ආයතනයක්. ඉතින් අපි මේ වැඩේට මුලින්ම Skrill ගිණුමක් හදාගන්න වෙනවා.

ඔයාට දැනටමත් Skrill ගිණුමක් තියන කෙනෙක්නම් අලුතෙන් එකක් හදන්න අවශ්‍ය නැහැ. Skrill ගිණුම හදන්න ලොකු කලබලයක් වෙන්න දෙයක් නැහැ. ඔයා පුහුණු වෙලා ඇත්ත සල්ලි දාල ගනුදෙනු කරන ගමන් මේක හදාගන්න පුළුවන්. කාලය අපතේ යවන්නේ නැතුව අපේ මුලික දේට අවදානය යොමු කරන එක තමා වටින්නේ. මේ ගිණුම ඔයාට නොමිලේම හදාගන්න පුළුවන්. ඔයාට මතකයිනේ අපි Nordfx ගිණුමක් හදාගෙන ගිණුම verify කරගත්තා. අන්න ඒ වගේම අපේ Skrill ගිණුමත් verify කරගන්න ඕනේ. ඒකට පියවර කිහිපයක් තියනවා. මම මේ ලිපියෙන් ඔයාලට ඒ හැමදේම කියල දෙනවා. මුලින්ම මම ඔයාලට අපි මුදල් අතට ගන්න පිළිවල පැහැදිලි කරන්නම්. එතකොට ඔයාට මේක තේරුම්ගන්න ලේසි වෙනවා.

උපයන මුදල් අතට ගන්න පිළිවල

 අපි දැන් මේ කතා කරන්නේ ඔයා උපයන මුදල් ඔයාගේ අතටම ගන්න පුළුවන් ආකාරය ගැනයි. ඔයා ගිණුමට මුදල් තැන්පත් කරද්දිනම් මේ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැ. ඔයාට credit card එකක් හරි debit card එකක් හරි තියනවනම් ලෙහෙසියෙන්ම මුදල් තැන්පත් කරන්න පුළුවන්. මන් ඒ ගැන වෙන ලිපියකින් කියල දෙනවා. අපිට උපයන මුදල් ගන්න තමයි මේ වැඩ ටික කරන්න වෙන්නේ.

හරි දැන් උපයන මුදල් තියනවනේ ඒ ඔක්කොම තියෙන්නේ ඔයාගේ Nordfx ගිණුමෙනේ. අපි මුලින්ම ඒ උපයන මුදල් Skrill ගිණුමට දාගන්න ඕනේ. ඊට පස්සේ Skrill ගිණුමෙන් කෙලින්ම Ez cash හරහා අපේ mobile එකට ඒ සල්ලි දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාට ඕනම Ez cash මධ්‍යස්ථානයකින් ඒ සල්ලි අතට ගන්න පුළුවන්. නැත්තම් ඔයාට Commercial bank ATM එකකට යන්න විතරයි තියෙන්නේ. එකෙන් ඔයාට ඔයාගේ Ez cash ගිණුමේ තියන මුදල් ඔයාගේ අතටම ගන්න පුළුවන්. ඔන්න ඔය ටික විතරයි අපිට කරන්න තියෙන්නේ. ටිකක් ලොකුවට පෙනුනට මේක හරිම ලේසි දෙයක්. මම ඔයාලට මේ හැමදේම කරන විදිය පැහැදිලව කියල දෙනවා. අපි දැන් බලමු මේ දේවල් පියවරෙන් පියවර කරන්නේ කොහොමද කියල.

Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් නොමිලේ විවෘත කරගැනීම


මුලින්ම කියන්න දෙයක් තියනවා. මේ ගිණුම open කරද්දී ඔයාගේ සත්‍ය තොරතුරු දාන්න ඕනේ. වැරදි ඒවා දැම්මොත් සල්ලි ගන්න බැරි වෙනවා. ඒ  වගේම එක පාරින්ම ගිණුම හදාගන්න ඕනේ. මොකද දෙපාරක් මේ ගිණුම හදන්න බැ. මේක ගොඩක් ආරක්ෂා කරගන්න ඕනේ ගිණුමක් නිසා ආරක්ෂාව පැත්ත ගැන ගොඩක් බලනවා. ඒ නිසා පළමු සැරෙන්ම සත්‍ය විස්තර දාලා ගිණුම හදාගන්න. මම කියල තියන පිලිවලටම කරගෙන යන්න එතකොට වරදින එකක් නැහැ. 

1 පියවර

ඔයා මුලින්ම www.skrill.com ලින්ක් එක click කරලා web site එකට යන්න. එතකොට ඔයාට පහල දාල තියනවා වගේ page එකක් ලැබෙයි එතන ඔයාගේ email එකයි ඔයා කැමති password එකකුයි දාන්න. password එකට අඩුම ගානේ එක number එකකුයි එක English අකුරකුයි තියෙන්න ඕනේ. ඊට පස්සේ next කරන්න.

Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් නොමිලේ විවෘත කරගැනීම

ඉන්පසු පහල තියනවා වගේ පිටුවක් ලැබෙයි එතන ඔයාගේ පළමු නම සහ දෙවන නම සහ උපන්දිනය දාල Next කරන්න.

Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් නොමිලේ විවෘත කරගැනීම

ඊට පස්සේ පහල තියනවා වගේ පිටුවක් ලැබෙයි එතන පින්තුරේ දාල තියන විදියට රට Sri Lanka සහ Currency එක USD දාන්න

උපයන මුදල් අතට ගන්න පිළිවල

ඊට පස්සේ පහල දාල තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතන මන් පහල කියල තියන විදියට පුරවන්න.

උපයන මුදල් අතට ගන්න පිළිවල
  • Address 1 – ඔයාගේ ලිපිනයේ අංකය පමණක් දාන්න ( සත්‍ය ලිපිනය දාන්න නැත්තම් verify කරන්න වෙන්නේ නැහැ.)
  • Address 2 – ඔයාගේ ලිපිනයේ අංකය හැර අනිත් ටික දාන්න පමණක් දාන්න ( සත්‍ය ලිපිනය දාන්න නැත්තම් verify කරන්න වෙන්නේ නැහැ.)
  • City – ඔය ඉන්න නගරය
  • Postal Code – ඔයා ඉන්න නගරයට අදාල අංකයක් තියනවා එක දාන්න ඕනේ මෙතන. දන්නේ නැති අය මෙතනින් හොයාගන්න postal code

ඊට පස්සේ next click කරන්න.

ඊට පස්සේ ඔයාට පහල දාල තියනවා වගේ page එකක් ලැබෙයි එතන ඔයාගේ දුරකථන අංකය දාල පහල කොටු දෙකටම tick එකක් දාල Open an account කියන එක click කරන්න. දුරකථන අංකය පලවෙනි 0 නැතුව දාන්න.

උපයන මුදල් අතට ගන්න පිළිවල

වැඩේ හරියට කලානම් පහල දාල තියනවා වගේ page එකක් ලැබෙයි. එතනින් Continue to My Account කියන එක click කරන්න. 

උපයන මුදල් අතට ගන්න පිළිවල

ඊට පස්සේ පහල පින්තුරේ වගේ page එකක් ලැබෙයි එතනින් කියන්නේ ඔයා log වෙද්දී ඔයාට pin එකක් හදාගන්න හැටි. එතන පහල තියන Creat pin කියන එක click කරලා ඔයාට කැමති pin එකක් දාගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව එක ලියල තියාගන්න. අමතක උනොත් සල්ලි යවන්න බැහැ. ඊට පස්සේ save pin දෙන්න 

උපයන මුදල් අතට ගන්න පිළිවල

ඊට පස්සේ ඔයා ඔයාගේ account එකට log වෙනවා. account එක verify කරගන්න විදිය මන් video එකකින් ඔයාලට කියල දෙන්නම්.

Skrill ගිණුම හරහා ඔයාගේ Forex ගිණුමට මුදල් තැන්පත් කරගද්දී Skrill ගිණුම Verify වී තිබීම අවශ්‍ය වන්නේ නැ. නමුත් පසුව හෝ Skrill ගිණුම Verify කරගැනීම හොදයි. Debit Card එකෙන් Skrill ගිණුමට මුදල් තැන්පත් කරද්දී ගැටළුවක් අවොත් මට Message එකක් දාන්න මම උදව් කරන්නම්.

SKRILL ACCOUNT VERIFY කරගැනීම

01. Bank Card එක Add කරගැනීම.

02. Skrill Account එක Verify කරගැනීම

Next Lesson – ගනුදෙනු වලින් ලාභ ගන්න ආකාරය

Facebook – Hari Forex