ගනුදෙනු වලින් ලාභ ගන්න ආකාරය

හොදයි ඔන්න තවත් වැදගත් ලිපියක් මම ලිව්වා. ගොඩක් අය දැන් demo account එකෙන් හොදට පුහුණු වෙනවා. ඒ අයට ඉතාම වැදගත් වන ලිපියක් තමා මේක. ඔයාට දැන් ගනුදෙනුවක් දාල ඒක close කරනවා කියන්නේ බොහොම පොඩි දෙයක්. (හැබැයි හොදට මේ දේ පුහුණු වුන කෙනෙක්ට තම මේක දැන් ලේසි වෙන්නේ.) හොදයි දැන් ඔයා ගනුදෙනු දැම්මට ඒවගෙන් ලාභයක් එන්නේ නැති වෙන්න ඇති. මොකද අපි පුහුණු වුණේ ගනුදෙනු දාන්නයි close කරන්නයි විතරයි. අද මම ඔයාට කියල දෙන්නේ අපි කොහොමද ලාභ ගන්න පුළුවන් විදියට ගණුදෙනු යොදන්නේ කියල. මම නිතරම කියනව වගේ ඔයාට සල්ලි හොයන්න තියන උනන්දුව, මේ ලිපි කියවල ඉගෙන ගන්නත් තියෙන්න ඕනේ. ඒක නිසා මේ දේවල් හොදට අධ්‍යනය කරන්න ඕන. මම මුලින්ම අපි ඉගෙන ගත්ත ඒවා ගැන ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා.

01. Forex කියන්නේ මොකක්ද කියල ඔයාට පැහැදිළි කරන්න පුලුවන්ද ?

02. මේකෙන් අපි මොකක්ද කරන්නේ ?

03. Buy order සහ Sell order යන දෙකෙන්ම ලාභ ගන්න හැටි පැහැදිලි කරන්න පුලුවන්ද ?

04. Forex වලින් රටකට ඇති වැදගත්කම මොකක්ද ?

05. Trade එකක් දාන්න සහ close කරන්න පුලුවන්ද?

මේවා පැහැදිළි කරන්න අමාරුනම් අයිත් ලිපි ටික කියවන්න. මොකද මම මහන්සිවෙලා ලිපි ලියන්නේ ඔයාල ප්‍රයෝජනයක් ගනී කියල හිතලා. ඒක නිසා මේ ටික මහන්සිවෙලා ඉගෙන ගන්න. මේ වැඩේ පටන් අරන් දැනට මාසයක් ඇතුලත 1500 කට කිට්ටු වෙන්න මට කතා කලා එයාල demo පුහුණු වෙනවා කියල. ඒ ගැන ගොඩක් සතුටුයි. හරි අපි දැන් ලිපියට යමු.

ගණුදෙනු යොදන පිළිවල

ඔයා Forex වලින් හොද උපයන්නෙක් වෙන්න ඉන්න කෙනෙක්නම් මේ පිළිවල කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ පිළිවල තියනවනම් ඔයාට ලාභ ගන්න එක හරිම පහසුයි. නැත්තම් ඔයාට ලාභ වෙනුවට පාඩු තමයි වන්නේ. ඊට පස්සේ ඉතින් loss උනා කියල නහයෙන් අඩන්න තමයි වෙන්නේ. හැබැයි මම මේ කියල දෙන පිලිවලට ඔයා කරගෙන ගියොත් ඔයාට වරදින්නේ නැ.

හොදයි දැන් මන් මේ කියන්න යන්නේ trading දානකොට පිළිපදින්න ඕන පිළිවල. ඔයා demo පුහුණු වෙද්දීනම් මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. නමුත් real ගිණුමෙන් ඔයා සල්ලි දාලා trade කරද්දිනම් මේ පිළිවල අත්‍යවශ්‍යයි. හරි අපි බලමු මොනාද කියල මේ.

01. අපි ගණුදෙනු කරද්දී හැම currency pair එකම ගන්න නරකයි. ඒ කියන්නේ අපි ගණුදෙනු කරන්න යොදා ගන්නේ currency pair දෙකක් විතරයි. ඒකට හේතුව මම කියල දෙන්නම්. දැන් මේ මිල ගණන් වෙනස් වෙන්නේ ඒ ඒ රටවල සිදුවෙන සිදුවීම් මතනේ. ඒක නිසා අපි real trading වල ගනුදෙනු යොදන්නේ මේ සිදුවීම් දිහා බලල. ඉතින් අපිට මේ රටවල සිදුවෙන දේවල් දැනගන්න ඕනේ. ඒ සිදුවීම් බලන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියනවා ඒ ගැන මම ඉදිරියේදී කියල දෙනවා. හැබැයි බලවත් රටවල සිදුවීම් විතරයි අපිට ගොඩක් වෙලාවට බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා හිතුමතේට ගණුදෙනු දැම්මට අපි real trading කරද්දී හිතුමතේ ගනුදෙනු යොදන්නේ නැ. ඒක නිසා අපි ගණුදෙනු යොදන්නේ ප්‍රභල රටවල currency pairs වලට විතරයි. ප්‍රධාන වශයෙන්ම අපි ගණුදෙනු යොදන්නේ GBP/USD සහ EUR/USD කියන currency pairs දෙකේ විතරයි. මොකද මේවා ප්‍රභල රටවල් නිසා තොරතුරු ලැබෙන ප්‍රමාණය වැඩියි. ඔයාලත් මේ currency pairs දෙකේ විතරක් ගනුදෙනු කරන්න.

02. Open Trading ප්‍රමාණය. – ඔයා අනිවාර්යයෙන් පිළිපදින්න ඕන දෙයක් තමයි මේක. සමහරු 100$ වගේ invest කරලා එකපාර ගණුදෙනු 5 – 10 දානවා. එහෙම කලොත්නම් ඉතින් දවසින් දෙකෙන් loss වෙන්න පුළුවන්. එකපාර ගණුදෙනු 5,10 දානවනම් ඔයාගේ ගිණුමේ 1000$ වත් තියෙන්න ඕනේ. අපි උපයන මුදල් වලින්ම balance එක වැඩි කරගත්තම ඒ වගේ trade දාන්න පුළුවන්. දැන් ඔයා 100$ පමණක් දාන නිසා එක පාරකට එක ගනුදෙනුවක් විතරයි දාන්න ඕනේ. ඒක close කරාට පස්සේ තමා අනිත් ගනුදෙනුව දාන්න ඕනේ. ඉතින් මෙහෙම කරලා එක ගනුදෙනුවකින් ඔයාට 1$ – 3$ අතර ලාභයක් ගන්න පුළුවන්. ඔයා දවසකට ගණුදෙනු 10 ක් දැම්මොත් 20$ – 30$ දවසකට හොයන්න පුළුවන්. මුලදී ලක්ෂ ගණන් හොයන්න බැ. නමුත් ඔයාගේ ගිණුමේ balance එක වැඩි කරගත්තම මිට වඩා උපයන්න පුළුවන්. ඒ ගැන මන් අන්තිම ලිපියෙන් කියල දෙනවා. කොහොම උනත් ඔයා දැනට එක පාරකට දාන්න ඕනේ එක ගනුදෙනුවයි. ඒක close කරලා තමයි ඊලග එක දාන්නේ. මේ දේ හොදට මතක තියාගන්න.

03. MT4 software එකේ පෙනුම – ඔයාට මතකනේ මම කලින් ලිපියක කියල දුන්න අපි software එක පිලිවලකට හදාගන්නේ කොහොමද කියල. අන්න ඒ පිළිවල දිගටම තියාගන්න ඕනේ. ඔයා හැම මුදල් වර්ගයකම chart තියාගන්න එපා. මන් ඉස්සෙල්ල කිව්වා මුදල් වර්ග දෙකේ chart දෙක විතරක් තියාගන්න. අනිත් ඒවා ඔක්කොම අයින් කරන්න. අනිත් එක තමා කාලරාමුව. ඔයාට මතකනේ M1 , M5 , M15 වගේ කාලරාමු තිබුන. අන්න එතනින් අපි ගණුදෙනු කරද්දී යොදාගන්නේ M5 කියන කාලරාමුව. එතකොට තමයි අපිට ගණුදෙනු යොදන්න ඕන විදිය පැහැදිලි වෙන්නේ MN , WK වගේ විශාල කාල රාමු භාවිත කරලා අපිට වැඩක් නැහැ.

වෙළදපල ඉහළ යයිද පහළ යයිද ?

හොදයි දැන් අපි බලමු වෙළදපල ඉහළ පහල යන අවස්ථා හදුනාගන්නේ කොහොමද කියල. මම මේ කියල දෙන්නේ Forex වල තියන ප්‍රධානම මිල වෙනස්විම හදුනාගන්න ආකාරයයි. හැබැයි මුලින්ම කියන්න ඕනේ Forex වල මිල ඉහළ යයිද පහළ යයිද කියල හරියටම මේ ලෝකේ කාටවත් කියන්න බැහැ. හැබයි නිවැරදි අනුමාන කරන්න පුළුවන්. ඒවාට තමයි Analysis කියල කියන්නේ. මම කලින් ලිපියකදී කිව්වා නොමිලේ Analysis දෙනවා කියල. ඔයා Nordfx ගිණුම verify කරගෙන ඉන්න කෙනෙක්නම් මගේ FB page   එකට like එකක් දාල message එකක් දාන්න ගිණුම verified කරගෙන ඉන්නේ කියල. එතකොට එයාලව මන් අපේ Group එකට add කරගන්නවා. ඒ හරහා මන් ඔයාලට Analysis දෙනවා. හැබැයි මේ ලිපි ටික ඉවර වෙලා අපි real trading කරද්දී තමයි මේ දේවල් කරන්න වෙන්නේ. ඒක නිසා ඔයා message එකක් දාලා තියන්න දැන්ම.

හැබැයි එක දෙයක් ඔයාල හොදට හිතට ගන්න ඕනේ. ඒ තමා කවදාවත් කවුරුහරි දෙන analysis මතම යැපෙන්න ඉන්න එපා. එහෙම උනොත් ඔයාට මේ ගැන කිසිම දෙයක් ඔලුවට යන්නේ නැහැ. forex කරන්න එක ක්‍රමයක් කියල නැහැ. ඒකට තමන් තමන්ටම අවේණික වුන ක්‍රමයක් හදා ගන්න ඕනේ. සමහරු analysis මතම යැපෙන්න ඉදල account එක loss කරගන්නවා. කවුරු මොන analysis එක කිව්වත් තමන්ට දැනුමක් තියෙන්න ඕනේ මේක හරිද කියල හිතන්න . අන්න ඒ දැනුම ගන්න වෙන්නේ practice එකෙන් විතරයි. හරි අපි බලමු දැන් market එක ඉහළ පහල යයිද කියල අපිට කලින් හිතන්න පුළුවන් ක්‍රමේ මොකක්ද කියල.

Mountain System

Mountain System භාවිතා කරන ආකාරය

මේක හරිම සරල ක්‍රමයක්. ඔයා දන්නවනේ කදු ගැන. කදු කිව්වා ගමන් මතක් වෙන්නේ ඉහලට යනවා පහලට යනවා කියන එකනේ. අන්න ඒකම තමයි අපි මෙතැනදී පාවිච්චි කරන්නේ. ඔයා හොදට බලන්න Forex market එකත් යන්නේ මෙන්න මේ කදු විදියට තමයි. මන් පහළ දාල තියනවා Daily time එක දාල ගත්ත Screenshot එකක්. ඒක දිහා හොදට බලන්න ඒ විදියටද ගිහින් තියෙන්නේ කියල.

ඉතින් මෙතැනදී අපිට ගන්න පුළුවන් අදහස තමයි ” කන්දක් නැග්ගොත් පල්ලමක් අහුවෙනවා ” කියන කතාව. බලන්න එහෙම වෙලා නැද්ද කියල. ඉතින් අපිට ගණුදෙනු යොදද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. price එක දිගටම පහළ යන අවස්ථාවකදිනම් අපිට නතර වන තුරු බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම එක දිගට මිල ඉහල යන අවස්ථාවකදීත් ගණුදෙනු යොදන්න හොද නැහැ. නවතරවනතුරු බලාගෙන ඉන්න වෙනවා. ඔයා දැන් Demo ගිණුමෙන් පුහුණු වෙන නිසා මේ ක්‍රමය අත්හදා බලන්නකෝ හරියන්නේ නැද්ද කියල. හබැයි මේ ක්‍රමයේදී  pips 15 – 20 විතර යනකොට ගණුදෙනුව close කරන්න ඕනේ. ඒ කියන්නේ 2$ වඩා ලාභයක් යනකන් බලන්න ඉන්න හොද නැහැ.

අපි බලමු මේ ක්‍රමය භාවිත කරන්නේ කොහොමද කියල. ඔයාලත් මේක උත්සහ කරලා බලන්න.

** මුලින්ම ඔයාගේ chart එකේ කාලරාමුව M15 දාගන්න. ඊට පස්සේ බලන්න දැන් මිල තියන තැන. අපි ඉන්නේ කන්ද මුදුනෙමනම් ඒ කියන්නේ ඊළගට අපිට හම්බෙන්නේ පල්ලමක්. ඉතින් දැන් අපි මේ කන්ද මුදුනේදී හෙවත් chart එක මුදුනේදී දාන්න ඕනේ මොකක්ද? Sell Trade එකක්. මොකද ඊළගට මිල පහල යන නිසා.

** හොදයි දැන් අපි ඉන්නේ කන්දේ පහලනම් අපි දාන්න ඕනේ මොන trade එකක්ද? දැන් අපි කන්ද පහල ඉන්නවා කියන්නේ ඊළගට අයිත් හම්බෙන්නේ කන්දක් කියන එක. එතකොට අපි දාන්න ඕනේ Buy Trade එකක්. මොකද ඊළගට මිල ඉහළ යන නිසා.

හොදයි දැන් ඔයාට තේරෙනවනේ මේක කරන්න ඕන කොහොමද කියල. ඔයාලා මේක උත්සහ කරලා බලන්න. හැබැයි මේ ක්‍රමය භාවිතා කරද්දී කොන්දේසි කිහිපයක් තියනවා. අපි බලමු ඒ මොනාද කියල.

01. දකින දකින හැම අවස්ථාවකම ගණුදෙනු යොදන්න නරකයි.

02. වඩාත් පැහැදිලි බැසමකදී සහ නැග්මකදී පමණක් ගණුදෙනු යොදන්න ඕනේ.

03. මෙම ක්‍රමය භාවිතා කරලා විශාල ලාභ උපයන්න යන්න නරකයි.

මෙන්න මේ ටිකත් මතක තියාගෙන ඔයාල මේ ක්‍රමය අත්හදා බලන්නකෝ. මම ඉස්සරහට තව ක්‍රම කියල දෙනවා. අපි හෙමින් සැරේ ඉගෙන ගමු. එහෙනම් ප්‍රශ්න තියන අයට අහන්න පුළුවන්. අදට අපි මෙතනින් නවතිනවා. ඊලග ලිපියෙන් හම්බෙමු. 

Next Lesson – Lots , Leverage , Margin

Facebook – Hari Forex