ගිණුමේ අවධානම ඉවත්කර ගැනීම - 01

හොදයි මෙතින්න එහාට මම කියලා දෙන්නේ කොහෝමද අපි අපේ ගිණුමි අලාභයකට නොයවා ඉතා ගිණුමේ අවධානම ඉවත්කර පහසුවෙන් හා සුක්ෂම ලෙස ලාභයට හරවා ගන්නේ කියලා. ඉතින් මතක ඇතිනේ මම කලින් ලිපියෙන් සරල ක්‍රමවේදයක් හදුන්වලා දුන්න ආකාරය. මං හිතනවා ඔයා ඒක ටිකක් පුහුණු කරන්න ඇති කියලා. වැරදුනාට කමක් නැ මොකද තාම ඔයා පුහුණු වෙන්නේ Demo Account වලින්නේ. එක නිසා අවුලක් නැ. හැබැයි මෙතනින් එහාට යන ලිපි ඔය Demo Account වලින් භාවිතා කරලා වැඩක් නැ ඇත්තටම.

ඒක එක අතතින් ඔයාලට වටහා ගන්න අපහසුයි. අනෙක් පැත්තෙන් මට පැහැදිලි කරන්න අපහසුයි. ඒක නිසා කලින් ලිපි වලින් හොද පුහුණුවක් ඔයාට ලැබුනනේ. එත් තාම Real account වලට යන්න උත්සහර කරන්න එපා. මොකද තව දේවල් ගොඩක් තියෙනවා දැන ගන්න. ඒ දේවල් ගැන හරි හැටි දැනුමක් නොමැති සත්‍ය ගිණුමි වල වැඩ කරන්න යන එක හරි අවදානමි. ඔය තැන් තැන් වල ගිහිල්ලා අරක මේක ඉගෙන ගෙන ඇවිල්ලා හිතු මානාපෙනට කවුරැ හරි ගනුදෙනු කරනවනං දැන්මම එක නවත්තලා කියලා තියෙන විදියට යන්න පාඩු නැතිව ලාභ ගන්න ඔනිනං. මම පෙන්වලා දෙන විදියට පුහුණු වෙන්න. එතකොට ඔයාටම තමයි පහසු. හරි අපි ලිපියට යමුකෝ.

අවදානම ඉවත් කර ගන්නා ආකාරය. 

මේ අවදානමි කලාපය ගැන පැහැදිලි කර ගැනිමෙදි දැන් ඔයා හිතන්න ඔනි අපි භාවිතා කරන්නේ වෙළද පොලේ ඉන්නේ පහත විස්තර වලට අනුව කියලා. හැබැයි මෙි මාතෘකාව රියල් ගිණුමි වලට සමිබන්ධ වුනාට ඔයාට තාම රියල් ගණුදෙනු කරන්න තහනමි හොදේ. 

මම ඔයාලට කලින් ලිපියකදී කියලා දුන්නා Mountain System කියලා ක්‍රමයක්. ඒක ඔය කවුරැත් හොයා ගත්ත එකක් නෙමෙයි. මම තමයි අත්දැකිමෙන් ඔවා කියන්නේ. ඔයාලට දැන් පේන්න ඇතිනේ ඒකත් සාර්ථකයි කියලා. හරි දැන් අපි මේ ලිපියෙන් කථා කරන්නේ කොහෝමද අපේ ගිණුමේ අපි දාලා තියෙන Invest එකට අනුව අවදානම නැති කරලා දාන්නේ කියලා. මේක හරිම පහසු දෙයක්. ඒ වගේම Real Trading කරන කෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් නිසා ඔයා අනිවාර්යෙන්ම මේ ගැන හොද අවධානයක් යොමු කරන්න ඔනි.

ඔයාට මතකනේ මන් කලින් කියල දුන්නා අපි $ 100 ආයෝජනය කලාට ඒ මුළු මුදලම එකපාර යොදන්නේ නැහැ. පොඩි කොටසක් විතරයි දාන්නේ. ඒ පොඩි කොටස හැදෙන හැටි මන් කලින් ලිපියකදී කියල දුන්නා. මන් මෙතනදීත් පොඩ්ඩක් මතක් කරන්නම් ඒ ගැන. 

ඔයා දන්නවනේ අපි trade එකක් දාද්දි volume කියල එකක් තියනවා කියල. 0.1 , 0.5 , 1 , 5 , වගේ ඒවා එතන තියනවා. මේකෙන් 1 කියන එකේ තේරුම තමයි කොටස්  100,000 කියන එක. කොටස් කියන්නේ මොනාද කියල හිතන්න යන්න ඕනේ නැ. 1 = 100,000 කියල මතක තියාගන්නකෝ. ඒකට අපි නමකුත් කිව්වා lot කියලා. මතක ඇතිනේ. ඉතින් දැන් අපි ගණුදෙනු දානකොට යොදාගන්නේ 1 නෙමේනේ. 0.01 තමයි අපි volume එකට දාන්නේ. ඒ කියන්නේ මේ 100,000 ය 100 න් බෙදන්න වෙනවා. ඒ කියන්නේ 1000 යි. දැන් තෙරුනානේ volume එක අඩු වැඩි වෙද්දී මොකද වෙන්නේ කියල. දැන් අපි බලමු ගනුදෙනුවක් දාද්දි මේක බලපාන විදිය.

අපිට ගිණුමේ අවම volume එක  දාන්න පුළුවන් 0.01 පමණයි. දැන් මේ උදාහරණය කතා කරන්නේ real ගිණුම් වල ගණුදෙනු කරන විදියටයි.

උදාහරණයකින් පැහැදිළි කරගමු

Account Leverage – 500:1 
Main Invest – $ 100
Buy Price – 1.5900
Volume – 0.01

  • අපි හිතමු දැන් GBP/USD කියන Currency Pair එක වෙළදපොලේ දැන් තියන මිල 1.5900 කියලා. 
  • USD Lot 1 = 100,000
  • 100,000 x 1.5900 = $ 159,000 ක් අවශ්‍ය වෙනවා මේ Lot 1 ක් ගන්න. (මෙ Leverage නොකළ විට.) 
  • දැන් අපි මේ ගිණුමි විවෘත කරලා තියෙන්නේ Leverage 500:1 කියන එකෙන්නේ.
  • එකතොට ඔයාට Lot එකකට ගෙවන්න වෙන හරිම ගාන වෙන්නේ , $ 159,000 බෙදීම 500 (500 ට 1 නිසා) = $ 318 (අපේ ගිණුමි වලින් මේ Lot 1 ක් ගන්න දැන් $ 318 ක් ඇත්තටම අවශ්‍ය වෙනවා. නමුත් අපි ගන්නේ Lot වලිනුත් 0.01 ක්. )

ඒ කියන්නේ,

$ 318 බෙදීම 100 = $ 3.18 ක්. 
(100 න් බෙදන්නේ ලොටි 1 කකට 0.01 ඒවා 100 ක් තියෙන හින්දා)
$ 3.2 ආසන්න වශයෙන් ඇත්තටම අපිට වැය වෙනවා. 

ඒ අනුව අපිට දැන් දැන ගන්න පුලුවන් අපි 0.01 න් Trade එකක් Open කලොත් මේ ගණුදෙනුව විවෘථ වෙන්න අපි යොදවලා තියෙන මුදලෙන් කීයක් වැටෙනවද කියලා. 

හරි දැන් ඔයාට පැහැදිලිනේ මේ 0.01 ට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය අපි හොයා ගත්තේ කොහෝමද කියන එක. ඔය මේ ගාණ වටහා ගන්න කලින් ලිපියේ (ලිපිය) Lot කියන එක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇති ඇයි අපි මේ ගාණක් හැදුවේ මේ වෙළාවේ කියලා. ඔවි අපි මේ හැදුවේ අපේ අවදානමි කාලාපය දැන් ගන්න අවශ්‍ය වෙන අත්‍යාවශය දෙයක් නිසයි. හේතුව ලිපිය අවසානයට ඔයාට පැහැදිලිවම වැටහේවි. දැන් මේ ගාණ පොඩිඩක් ඔහෝම තියලා අපිට යන්න වෙනවා ආපහු Pips කියන එක පැහැදිලි කර ගන්න. මොකද මේ අවදානමි කලාපය දැන ගැනීමෙදි මේ pips කියන එකත් අපිට ගොඩක් වැදගත් නිසා.

අවදානම් කලාපය Pips වලින් ගණනය කිරීම

හරි දැන් ඔයා දන්නවනනේ Pips කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැතිනමි මම කලින් දාපු ලිපිය කියවන්න තව අවබෝධයක් එන්නත් එක්ක. ලිපිය  මේ ලිපියේ අවසානයට මම Pips කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා තියෙනවා. හරි දැන් ඔය අපි යොදවපු මුදල තියෙනවනේ. ඒ කියන්නේ $ 100 (මීට වඩා යොදවන අය වැඩි කරලා හාදා ගන්න). ඉතින් අපි මුලින්ම හොයා ගන්න ඔනි අපි මේ යොදවන මුදලේ ඇතුලත කොචිචර Pips ප්‍රමාණයක් අපිට තියෙනවද කියලා. දැන් ඔයාලා බලයි ඇයි මේ Invest කරපු මුදලේ Pips හොයන්නේ කියලා. ඒ මේක ගොඩක් වැදගත් නිසා. මොකද අපේ අවදානමි කලාපය අපිට හොයා ගන්න මේ Pips කියන එක අතිශයින් වැදගත්. හේතුව අපි මේ ගණුදෙනු කරන Forex Market එකේ මිල ඉහළ පහළ යැමි පෙන්වන්නේ Pips වලින් නිසයි. 

ඉතින් අපි මේ එක Pips එකකට තියෙන $ ප්‍රමාණය හොයාගත්තනමි අපිට අපේ Invest එකේ තියෙන සමිපුර්ණ Pips ප්‍රමාණය ඉතා පහුසුවෙන් හොයාගන්න පුලුවන්. දැන් අපි එකකට තියෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්නේ කොහෝමද ? මේක ඔයාලට අමාරැයි වගේ පෙනුනට හරිම ලේසි. ටිකක් කල්පනා කරලා බල්නනකෝ ලේසි නැද්ද කියලා.

සාමාන්‍යෙයන් ඔයා දැන් Trading දාලා ඇතිනේ Demo account එකෙන් හරි. අපි මේ 0.01 කියන Lot Size එක භාවිතා කරලා Trading එකක් open කලොත් ඒ දාන ගිණුමේන් අපිට එක Pips එකකට $ 0.1 ලාභයක් හෝ අලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි GBP/USD , 0.01 Lot Size එකෙන් මිල 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. දැන් මේක Market එකට වැටිලා තියෙන Trading එකක්නමි ඔයාට පේනවා ඇති Software එකෙන් ලාභය හෝ අලාභය පෙන්වන ආකාරය. ඒ කියන්නේ වෙළද පොළ 1.5900 ඉදලා 1.5930 දක්වා ඉහළ ගියානමි ඔයා Pips 30 ක් ලාභ ඇරගෙන තියෙනවා. ඇයි අපි ගණුදෙනුව විවෘත කරලා තියෙන්නේ 1.5900 දිනේ. ඒ දාලා තියෙන්නේ Buy Order එකක් නිසා මිල ඉහළ ගියාම තමයි ලාභ ලැබෙන්නේ. ඉතින් අපි භාවිතා කරලා තියෙන්නේ 0.01 නමි මම කලින් කිවවනේ එක pips එකකට $ 0.1 ලාභයක් හෝ පහළ ගියානමි අලාභයක් ලැබෙනවා කියලා.

ඉතින් දැන් ඔයා මේ ගනුදෙනුවෙන් Pips 30 ක ලාභයක් ඇරගෙන තියෙනවා. එහේනමි ඔයා ඇරගෙන තියෙන සමිපුර්ණ ලාභය $ වලින් කීයක්ද කියලා කියන්න පුලුවන්ද ? හරිම ලේසි. ඔයා දැන් හරියටම $ 3 ක ලාභයක් ඇරගෙන තියෙනවා අර පිප්ස් 30 ක ගනුදෙනුවෙන්. ඒ කියන්නේ

$ 0.1(එක පිප්ස් එකකට ලැබෙන ලාභය හෝ අලාභය) x Pips 30 = $ 3

මේක මේ විදියටම තමයි වෙන්නේ. ඔයාටත් බලන්න ඔනිනමි 0.01 Lot Size එකෙන් ගණුදෙනුවක් දාලා බලන්න ඇත්තටම එක Pips 1 ට $ 0.1 නෙමේද ලාභ හෝ අලාභ එන්නේ කියලා. එතකොට ඔයාටම බලාගන්න පුලුවන් මේක වෙන්නේ මේ විදියටමයි නේද කියලා. හරි දැන් මේක හොයා ගන්න පුලුවන්නේ. ඒ වගේම තමයි ඔයා මේ දාපු ගණුදෙනුවන් ආපස්සට ගිහිල්ලා Pips 30 ක් ආලාභයක් ඇවිල්ලානමි එත් ඔයාට $ 3 ක් පාඩුයි. පැහැදිලිනේ. හරි දැන් අපි මේ ඔක්කෝම හොයාගෙන අපි යන්නේ අපි දාලා තියෙන මුදලට අපිට ගණුදෙනු කරන්න පුලුවන් කලාපය (Trading Area ) එක දැන ගන්න. දැන් අපි බලමු මොකක්ද මේ ගනුදෙනු කලාපය කියන්නේ කියලා. 

ගණුදෙනු කලාපය (Trading Area) 

ඇත්තටම මේ කියන්නේ අපි යොදවන Invest එකට සාපෙක්ෂව අපිට ගණුදනු කරන්න පුලුවන් කලාපය. මේ කලාපය ඇතුලේ අපට බය නැතිව ගනුදෙනු කරන්න පුලුවන්. ඉතින් ඔය අලුතෙන් යන අය අනිවාර්යෙනම් මේ පිළිබදව දැනගෙන ඉන්න එක බොහෝම වැදගත්. එතකොට කිසිදු ලොස් එකක් නැතිව බොහෝම පහසුවෙන් අපිට ගණුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. හොදයි දැන් අපි උඩ පැහැදිලි කිරීම වලදි 0.01 Lot Size එකට වෙළද පොළට වැටෙන USD ප්‍රමාණයත් , එක පිප්ස් එකකට අපිට ලැබෙන ලාභය හෝ අලාභය USD වලිනුත් හොයා ගත්තා.

මෙතනදි අපිට මේ දෙකම ඉතා වැදගත් වෙනවා. අපි බලමු එහේනමි අපේ Trading Area එක මොකක්ද කියලා. දැන් ඔයා මුලින් යොදවලා තියෙන්නේ $ 100 ක් නමි අපි බලමු අර එක පිප්ස් එකකට ලැබෙන ඩොලර් අගය භාවිතා කරලා මේ දාලා තියෙන මුලු මුදලේම ඇතුලේ අපිට කීයක් Pips Area එකක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ අපේ කලාපය. ඔය පිප්ස් කියන්නේ ඉහළ පහළ යන වෙනස හදුනා ගන්නා ඒකකනේ. මේ පිප්ස් වලින් තමයි ඒ ක පෙන්වන්නේ. එතකොට අපි දැන් මේ මුලු මුදල ඇතුලේ Pips ප්‍රමාණය හොයා ගමු. 

0.01 ලොටි සයිස් එකෙන් එක පිප්ස් එකකට අපිට $ 0.1 ලැබෙනවනමි $ 100 ක් වෙන්න අපට Pips කියක් ඔනි කරනවද ? ඒ කියන්නේ අර පිප්ස් 30 කට $ 3 ක් වගේ තමයි $ 100 ට කියක්ද කියන එක.

$ 100 බෙදීම $ 0.1 = 1000 (මේ 1000 කියන්නේ අපේ මුලු මුදල ඇතුලේ අපිට ලැබෙන Pips ප්‍රමාණය)

ඔන්න දැන් අපිට අපේ Trading Area එක පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. දැන් ඔයාට පැහැදිලිනේ අපි යොදවලා තියෙන $ 100 ඇතුලේ අපට ගණුදෙනු කරන්න පුලුවන් Pips 1000 ක් තියනවා කියලා. දැන් මෙකේ වටිනාකම අපිට පහත පරිදි බලාගන්න පුලුවන්.

අපි හිතමු ඔයා 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඔයාට මේ ගණුදෙනු ඇතුලේ Pips 1000 කලාපයක් තියෙනවා ගණුදෙනුව ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ මුලික ආයෝජනය $ 100 යි නමි අපි දාලා තියෙන Buy එකෙන් පහළට ආසාමාන්‍ය විදියට වෙළද පොළ පහළ ගියොත් ඔයාගේ ගණුදෙනුව රැදිලා තියෙන්නේ මේ Pips 1000 ඉවර වෙනකමි විතරයි. මොකද අපි දැන් දන්නවා Buy Order එකක් Lost වෙන්නේ ගත්ත ගානට වඩා වෙළද පොළ පහළ ආවොත් කියලනේ. ඉතින් ඔයාට දැන් 1.4900 වෙනකමි අවස්ථාව තියෙනවා වෙළද පොලේ රැදි ඉන්න මේ මුලික ආයෝජනය අනුව. ඒ කියන්නේ ඔයාට තියෙන පිප්ස් 1000 ක කලාපයෙනුත් වෙළද පෙළ පහලට ගිහිල්ලා ඔයාගේ ගිණුම සමිපුර්ණයෙනම් Lost වෙළා යන්න වෙළද පොළ 1.4900 දක්වා පහළ බහින්න ඔනි. එහේම ආවෙ නැත්නමි ඔයාගේ ගිණුම Lost වෙන්නේ නැ කවදාවත්. හැබැයි ලාභ පැත්තට මෙ කලාපය අදාල නැ. මොකද ලාභ ලැබෙන්න ලැබෙන්න ගිණුමට එකතු වෙන හින්දා ගිණුම තවත් වර්ධනය වෙනවා ඇරෙන්න Lost වෙන්නේ නැනේ.

ඉතින් මේ හේතුව නිසා අපි කිසිම අවස්ථාවක $ 100 ක් නමි ගිණුමට දාලා තියෙන්නේ ගණුදනෙු දෙක තුන එක පාර දාන්න යන්න හොද නැ. මොකද එහේම දාන අය තමයි ඉක්මනට ගිණුම නැති කර ගන්නේ. ඇයි එහේම වෙන්නේ ඔයාට මේ Pips 1000 අවදානමි කලාපයක් ලැබෙන්නේ දාන එක Trading එකකට විතරයි. දෙකක් දැමිමොත් Pips 1000 , 500 වෙනවා. ඒ කියන්නේ තවත් කලාපය අඩුවෙලා අවදානම වැඩි වෙනවා කියන එක. ඔයා ගණුදෙනු දෙකක් දාලා තියෙනවනමි දැන් ඔයාට ලැබෙන්නේ Pips 500 ක කලාපයක් විතරක් නිසා අර 1.5900 ට දාලා තියෙන ගණුදෙනු ආපස්සට ඇවිල්ලා 1.5400 දි Lost වෙළා යනවා.

දැන් ඔයාට පේනවා නේද ඇයි ඔය ගොඩක් අය ටික දිනකින්ම මේ ගිණුිමි නැති කර ගන්නේ කියලා. මෙන්න මේකට තමයි තියන්නේ අපේ ගිණුමේ අවදනාමි කලාපය කියලා. මේ අනිවාර්යෙන්ම ඔයා දැන ගෙන ඉන්න ඔනි දෙයක්.

ඒ වගේම තමයි තව සමහරැ Forex වලින් ලාභ ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින් දාන්නේ $ 50 යි. ඉතින් මේ ප්‍රමාණය ඉතා පොඩි ආයෝජනයක් නිසා අවදනාමි කලාපය අඩුයි. ඒක නිසා ගිණුම අවදානමි වැඩි. මොකද $ 50 ක ගිණුමකට ලැබෙන්නේ Pips 500 කලාපයක් විතරනේ. ඒ වගේම තමයි ටිකක් වැඩි පුර ගිණුමට දාන්න දාන්න ඔයාගේ ගිණුමේ කලාපය වැඩි වෙලා අවදානම අඩුවෙනවා වගේම ගණුදෙනු දාන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. බලන්නකෝ මම පහත දාලා තියන කලාප ටික. මම ඔය දාලා තියෙන්නේ යොදවන මුලික මුදලට අනුව කලාප ලැබෙන ආකාරය. 

  • $ 50 ක් නමි = 500 
  • $ 100 ක් නමි = 1000
  • Dollars 200 ක් නමි = 2000
  • $ 500 ක් නමි = 5000
  • Dollars 1000 ක් නමි = 10,000 යි. 

දැන් ඔයාට පේනවා නේද යොදවන මුලික මුදල වැඩි වෙන්න වැඩි වෙන්න අවදානම අඩුවෙනවා කියලා. ඒකයි මම කියන්නේ යොදවන්න පුලුවන්නමි පුලුවන් උපරිමයටම දාන්න කියලා. මොකද වැඩි ආයෝජනයකට ලැබෙන අවදනාම ගොඩක් අඩු නිසා. ඒ වගේ ගන්න පුලුවන් ලාභයත් ගොඩක් වැඩි නිසා. මම මෙහේම කිවිවට තියෙන හැමදේම විකුණලා මෙිකට සල්ලි එහේම දානවා නෙවෙයි. ඒක පිස්සු වැඩක්. තමන්ට පුලුවන් උපරිම ගාණ ගැනයි මන් මෙි කියන්නේ. 


මේ ගැන ප්‍රශ්ණ තිබෙනවනමි අහන්න පුලුවන්. අපි ඊලග ලිපියෙන් හම්බෙමු.

Next Lesson – ගිණුමේ අවධානම ඉවත්කර ගැනීම – 02

Facebook – Hari Forex