ලිපියක් ලියන්න ටික දවසක් ගියා. මොකද මමත් මේ Subject එකේම ඉන්න නිසා දැනට මාත් එක්ක වැඩ කර ගෙන යන අයට අවශ්‍ය කරන Technical analysis, Signal , Forecast වගේ දෙවල් දෙන්න එපැයි. ඔයාලත් මගෙත් එක්ක වැඩ කර ගෙන යන් කෙනෙක් නමි ඔයාලටත් මේවා හමිබ වෙනවා. හරි කොහෝම නමුත් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ එන ලාභ ආපසු ලංකාවට ගන්නේ කොහෝමද කියන එක. මේක ඉතින් එතරමි ලොකු දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඉතින් මුල ඉදලම යන අයට වැදගත් වෙන නිසයි මේ ලිපියෙන් මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්න හිතුවේ.


මොකද කලින් ලිපි වලදි අපි සරල වශයෙන් ගණුදෙනු කරන්නේ කොහෝමද , ලාභ ගන්නේ කොහෝමද හා පුහුණු ගිණුමි වල එහේම හොදින් පුහුණු වුන හින්දා. ඒ ගැන හොදින් කථා කරලා තියෙන හින්දා. ඒක නිසා දැන් අපි සත්‍ය ගිණුමි වලට මුදල් තැන්පත් කරන්න ඔනි කාලේ ඇවිල්ලා. ඉතින් මෙි ලිපියේ දාලා තියෙන විදියට නිසි පරිදි ඔයත් ගිණුමට මුදල් තැන්පත් කර ගන්න.
 

මුදල් තැන්පත් (Deposit) කරන ආකාරය.


දැන් ඔයාට මතක ඇති අපි කලින් ලිපියකදි ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. ඔයා ගිණුම තාම verified කරගෙන නැත්තන් මුදල් තැන්පත් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා verified  කරගෙන තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

Local Deposit ක්‍රමය හරහා මුදල් තැන්පත් කිරීම

2018 අවසන් කාලයේදී ලංකාවෙන් පිටරට ගෙවීම් කරන ආකාර කිහිපයක් වාරණය කරනු ලැබුවා. ඒකට ප්‍රධාන හේතුව තමයි. දවසින් දවස Dollar අගය ඉහල යාම. මේ හේතුව නිසා Nordfx ආයතනය ඉතාමත් පහසු ක්‍රමයක් මේ සදහා හදුන්වා දීල තියනවා. ඒ තමයි Local Deposit ක්‍රමය. මුදල් ආපසු ගැනීමේදීත් මේක භාවිතා කරන්න පුළුවන්. තැන්පත් කිරීමේදී ඔයා පහල දාල තියන ක්‍රම වලට මුදල් තැන්පත් කරන්න.

Local Deposit ක්‍රමයේ වාසි

මෙහිදී වෙන්නේ Nordfx ආයතනයේ නියෝජිතයකු අපේ Forex Account එකට මුදල් තැන්පත් කිරීමයි. මෙය 100% Nordfx ආයතනය මගින් සිදු කරන නිසා 100% විශ්වාසවන්තයි. මෙහි ඇති වාසි බලමු.

  • Skrill ගිණුමක් හෝ Bank Card එකක් අවශ්‍ය නොවීම
  • Dollar එකක් සදහා මහ බැංකුවේ සදහන් අගය පමණක් ගෙවීම
  • අමතර ගාස්තු කිසිවක් ගෙවීමට සිදු නොවීම (Skrill හෝ Bank Card වලින් Deposit කිරීමේදී අමතර ගාස්තුවක් ගෙවීමට සිදු වේ.)
  • කාලය ඉතිරි වීම සහ පහසුව


හරි මුලින්ම ඔයා ගිණුමට නැවත වතාවක් ලොගින් වෙන්න ඔනි. ලොගින් වෙලා මන් පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියන තැන (Deposit) කියන එක click කරන්න. 

 


ඊට පස්සේ ඔයාට මන් පහල දාල තියනවා වගේ පිටුවක් ලැබෙයි. මුලින්ම එතන තියන Transfer Funds To කියන තැන MetaTrader 4 Account කියන එක select කරන්න. මන් පල්ලෙහා පින්තුරේ පෙන්නලා තියනව ඒක. ඊට පස්සේ තමා දෙවනියට තියන Transfer Funds From කියන එක තෝරන්න ඕනේ. එතන Local Deposit කියන එක Select කරන්න.

ඊට පස්සේ ඔයාට පහල තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතන ඔයා Deposit කරන්න අවශ්‍ය මුදල දාන්න. එතකොට ඔයාට ඒ සදහා අවශ්‍ය රුපියල් ප්‍රමාණය බලාගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් තියන Phone Number එක සහ Email එක හරිද කියල බලල excute කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාට Nordfx ලංකාවේ අය කතා කරලා විස්තර කියනවා. ඒ පිලිවලට කරන්න.

 

Visa Debit /Credit Card භාවිතයෙන් මුදල් තැන්පත් කරන ක්‍රම දෙක


මන් පළවෙනියටම ඔයාට Visa /Credit Card වලින් මුදල් තැන්පත් කරන හැටි කියල දෙන්නම්. Visa Card කියන්නේ ඔයා බැංකුවෙන් සල්ලි ගන්න බාවිතා කරන Debit Card එකට. අනෙක් එක තමා Credit Card එක.මේ Card දෙවර්ගයම සදහා මේ ක්‍රම භාවිත කරන්න පුළුවන්. Debit Card වලින් Commercial , HNB, Seylan වගේ බැංකුවල card එකක්නම් වඩාත් හොදයි.

01. ක්‍රමය


ඔය පහත පිටුවේ මුදල් තැනපත් කළ හැකි ආකාර ගණනාවක් දක්වලා තිබෙනවා ඔයාට පෙන්වා ඇති. ඉතින් ඔයාට කැමති එකක් තෝරාගෙන මුදල් තැනපත් කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් International Bank Transfer කියන ක්‍රමය විතරක් ලංකාවේ සිට කරන්න බැ. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan ) ආදි Card පත් නමි VISA and Master Card via Ecommpay කියන එක භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. ඒකට ඔයාට moneybooker (Skrill) අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා මුදල් තැනපත් කරන්න වෙනවා. ඔබ ඉහත කාඩි පත් භාවිතා කරන්නේ නමි තැන්පත් කරන මුදල් එවලේම ගිණුමට එකතු වෙනවා වගේම එවලේ ඉදන්ම ගණුදෙනු කරන්න පටන් ගන්නත් පුලුවන්.


මන් කලින් රුපයේ පෙන්නපු විදියට ඔයා Transfer Fund to කියන තැන MT4 කියන එක select කලානේ. දැන් ඔයාට පලවෙනියට VISA and Master Card via Ecommpay කියන එක click කරන්න. පහල රුපයේ පෙන්නලා තියන විදියට.





ඊට පස්සේ ඔයාට පහල පින්තුරේ දාල තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතන ඔයා Deposit කරන්න බලාපොරොත්තුවන මුදල දාලා Add Fund කියන එක Click කරන්න.


ඊට පස්සේ මන් පහල දාල තියනවා වගේ පිටුවක් එයි එතන ඔයාගේ Debit Card එකේ විස්තර දාන්න ඕනේ. බලන්න මම පින්තුරේට පහලින් දාල තියනවා විස්තර දාන ආකාරය.

Card Number = අංක 16 ක් තියෙන කාඩි පතේ අංක ටික මෙතන දාන්න ඔනි. හිස්තැන් තිය තිය දාන්න යන්න එපා. එක දිගට දාන්න.

Expires = Expiration Date එක කාඩි එකේ උඩු පැත්තේ තියන මාසයයි අවුරැද්දයි සදහන් වන ස්ථානය. ඔය කාඩි නමිබර් එකට යටින් ඇති 06/19 , 06/19 වගේ එකක් අන්න ඒක තමයි මෙතන දාන්න ඔනි.

Cardholder Name = card එකේ තියන නම හෝ card එක අයිති කෙනාගේ නම

CVV2 = CVV2 කොඩි එක කියන්නේ කාඩි එක පිටිපස්සේ පැත්තේ තිබෙන අවසාන අංක තුන. එහේම නැත්තං ඔබට ලබා දීලා තියෙන කාඩි පතේ රහස්‍ය අංකය.

02. ක්‍රමය


මෙතනදී අපි කලින් කරපු විදියටම Add Fund ගියාට පස්සේ එතන තෝරන්න තියන එක වෙනස් කරන්න ඕනේ. මම පල්ලෙහා පින්තුරේ දාල තියන Vogue Pay එක select කරන්න. ටිකක් පහලට යද්දී තියෙන්නේ.



ඊට පස්සේ ඔයාට පහල දාලා තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතන ඔයා Deposit කරන්න අවශ්‍ය මුදල දාලා Add Fund කියන එක Click කරන්න.




ඊට පස්සේ ඔයාට පල්ලෙහා දාලා තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතනත් අර 01 ක්‍රමයේදී පුරවපු විදියටම ඔයාගේ Debit Card එකේ විස්තර දාන්න. ඊට අමතරව ඔයාගේ email address එකයි. phone number එකයි දාන්න ඕනේ.

 

Skrill අන්තර්ජාල බැංකු ගිණුම හරහා මුදල් තැන්පත් කිරීම


මේ ගිණුම හදාගන්න විදිය හා විස්තර මම කලින් ලිපියක කියල දුන්නා. මෙි ක්‍රමයත් හරි පහසු ක්‍රමයක්. මුදල් ලබා ගැනිමෙදි ඉතාමත් පහසුවෙන් විනාඩි ගනනක් ඇතුලත Ezcash ක්‍රමය හරහා ඔයාට මුදල් ලබා ගන්න පුලුවන් දැන. දැනට ඔයාට මෙම ගිනුමක් නැත්තං ඉස්සෙල්ලා ඒ ලිපිය කියවලා ඒ ගිනුම හදාගෙන සහතික කර ගෙන මුදල් Skrill ගිණුමට තැන්පත් කර ගෙන ඉන්න. මුදල් තැන්පත් කරන්න යන්න කලින් ඔබ තැන්පත් කරන්න යන මුදල් ඔබේ Skrill ගිණුමේ තිබිය යුතුයි.


හරි දැන් අපි මුදල් තැන්පත් කරන තැන Skrill කියන එක select කලානම් ඔයාට පහල දාලා තියනවා වගේ පිටුවක් ලැබෙයි. එතන Skrill balance කියන එක Click කරලා ඔයා Deposit කරන්න යන මුදල දාලා Execute කියන එක click කරන්න.


 


ඊට පස්සේ පල්ලෙහා පින්තුරේ දාලා තියනවා වගේ අලුත් පිටුවක් ලැබෙනවා එතන ඔයාගේ Skrill ගිණුමේ Email එකයි Password එකයි දාල Login කියන එක click කරන්න ඊට පස්සේ තව පිටුවක් ලැබෙයි එතන Pay කියන එක click කරන්න.


ඔයා දැන් මේ ක්‍රම වලින් කොයිකෙන් මුදල් තැන්පත් කලත් ඔයාට පහල පින්තුරේ පෙන්නලා තියන තැන click කරලා Deposit වුන මුදල බලාගන්න පුළුවන්



මේ ක්‍රම වලින් මුදල් තැන්පත් කිසිම අපහසුනම් Hari Forex හරහා ඔයාට ඔයාගේ Skrill ගිණුමට මුදල් තැන්පත් කලහැක. අපගේ 100% විශ්වාසවන්ත Merchants කිහිපදෙනෙක්ම ඇති බැවින් ඉතා පහසුවෙන් 100% ආරක්ෂිතව මුදල් තැන්පත් කරගත හැක. මේ සදහා ඔයා Skrill ගිණුමක් සාදා තිබීම අවශ්‍ය වන අතර එය Verify කිරීම අවශ්‍ය නොවේ. Merchant හරහා මුදල් තැන්පත් කරගැනීමට අවශ්‍ය අය FACEBOOK PAGE එකට Message එකක් දාන්න. ඒ අයට විස්තර ලබාදෙන්න පුළුවන්.




Real ගිණුමට Log වීම


හරි දැන් ඔයා මාසයක් විතර Demo account එකෙන් හොදට පුහුණු වුනානේ. දැන් අපි අපේ ඇත්තම ගිණුමට log වෙන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඔයා මුදල් තැන්පත් කරලා ගණුදෙනු කරන ගිණුමට ලොග් වෙන්න තාමයි දැන් හදන්නේ. මේකත් හරිම පහසුයි. ඔයා demo එකට ලොග් උනා වගේම තාමයි මේකත්. හරි මුලින්ම ඔයා ඔයාගේ MT 4 එක open කරන්න. ඊට පස්සේ වම් පැත්තේ උඩ තියන file කියන එක click කරලා Login to Trade Account කියන එක click කරන්න. මම පල්ලෙහා පින්තුරේ දාල තියනවා. ඒ විදියට කරන්න.


ඊට පස්සේ මම පහල දාල තියනවා වගේ window එකක් එයි. ඔයාට මතකයිනේ අපි Nordfx ගිණුමේ register වෙද්දී විස්තර වගයක් අවා. මම ඔයාලට කිව්වා ඒ ටික ලියල තියාගන්න කියල. දැන් අපිට ඒ ටික ඕන වෙනවා. මතක නැත්තම් බලන්න මන් පහල පින්තුරයක් දාල තියනවා ඒකෙ. දැන් ඔයාට අපු window එකේ login කියන එකට ඔයාට ලැබිල තියන login එක දෙන්න. password කියන තැනට ඔයාට ලැබුණු trader password එක දෙන්න. ඊට පස්සේ sever කියන එකත් ඔයාට ලැබිල ඇති. පහල පින්තුරේ කොළ පාටින් තියනවා ඒක. sever කියන තැන අපිට දීල තියන sever එක තෝරන්න ඕනේ. ඊට පස්සේ login කියන එක click කරන්න. එතකොටම ඔයාව real ගිණුමට ලොග් වෙනවා. 


පහල තියෙන්නේ ඔය register වෙද්දී ලැබුන විස්තර ටික. ඒ ටික දාල තමයි login වෙන්න ඕනේ.


දැන් ඔයා login උනාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් ඔයා තැන්පත් කරපු මුදල් balance එක විදියට තියනවා. ඔන්න ඔය ටික තමයි real ගිණුමට ලොග් වෙන්න කරන්න තියෙන්නේ. ප්‍රශ්න තියන අයට අහන්න පුළුවන්. මගේ fb page එක හරහා ඕනම දෙයක් අහන්න පුළුවන්. අපි ඊලග ලිපියෙන් හම්බෙමු.