Forex පටන්ගන්න අවශ්‍ය දේවල්

ගොඩ දෙනෙක් බලන් හිටිය අපේ පාඩම් මාලාව පටන් ගන්නකන්. අද ඔන්න අපේ පලවෙනි පාඩම පටන් ගන්නවා. අපි කලින් ලිපියකදී  Forex කියන්නේ මොකක්ද කියල පොඩියට අදහසක් ගත්තා. ඉදිරි ලිපිවලදී ඔයාට අපි කරන දේ ගැන පැහැදිලි වෙනවා. මේ ලිපියෙන් අපි අද බලන්නේ Forex Trading පටන්ගන්න ඉන්න ඔයාට මේකට මොනාද අවශ්‍ය වෙන්නේ කියල. ඔයාට කලින් හැදින්වීම පාඩම මගහැරුනනම් පල්ලෙහා link එකෙන් බලන්න.

Forex කියන්නේ මොකක්ද ?

Forex Trading කරන්න අවශ්‍යය වන දේවල්

හරි අපි දැන් කතා කරන්නේ යන්නේ forex කරන්න අවශ්‍යය වන දේවල් මොනාද කියල . එකේදී මං කොටස් දෙකකට මේක වෙන් කරනවා.

1.  අපි තුළ තියෙන්න ඕන දේවල්
2.  බාහිරව අපට අවශ්‍ය වන දේවල්



1. අපි තුළ තියෙන්න ඕන දේවල්

ඉවාසීම

ඉවසීම කියන්නේ මොකක්ද කියලා අලුතෙන් ඔයාලට කියලා දෙන්න දෙයක් නැහැ ඔයාලා දන්නවා.අපිට එදිනෙදා වැඩ කරද්දි ඉවසීම අවශ්‍ය වෙනවා. ඉතින් forex වලටත් ඉවසීම කියන දේ ගොඩක්ම  අවශ්‍ය කරනවා ඉවසීම නැතුව කවදාවත් forex කරන්න බෑ. අපි trade එක open කරහම ඒක දිහා ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා.කලබල වෙලා හිතුමතයට  trade කරන්න යන්න හොද නෑ ඉවසීම තියෙන්න ඕනැ.

පිලිවෙල

හැම දෙයටම පිළිවෙළක් තියෙනවා වගේම මේකටත් පිළිවෙලක් අවශ්‍යයි. මගේ ලිපි හරියට  කියවන ගමන් පිළිවෙලට ඒ වගේ තියෙන උපදෙස් පිළිපදින්න ඕනේ. හැමදේම පිළිවෙලට පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනේ අරහෙන් මෙහෙන් පැන පැන යන්න හදන්න හොඳ නැහැ. මුල ඉඳලා හැම දෙයක්ම ඉගෙන ගන්න වෙනවා.

වැඩි තන්හාව අතාරින්න ඕන

ගොඩක් අය forex trading වලින් lost වෙන්න හේතුව තමයි වැඩි තන්හාව. සමහරු forex වලට ආපු ගමන් ලක්ෂ ගණන් ආදායම් හොයන්න හදනව. එතකොට lost  වෙන එක අහන්න දෙයක් නෙමෙයි. forex වලට ආපු මුල් දවස්වල සමහරවිට අපේ ලාභය දවසක්ට ඩොලර් දෙකක් 5 වෙන්නත්  පුළුවන්. ටිකෙන් ටික තමයි මේ ලාභය වැඩිකර ගන්න ඕනෙ එහෙම නැතුව දවසින් දෙකෙන් ලක්ෂ ගණන් හොයන්න හදන අයට නම් මේක හරියන්නේ නෑ. එතකොට කොහොමත් lost වෙනවා ඒක නිසා වැඩි තන්හාව අතහැර ගන්න වෙනවා. 


2.  බාහිරව අපට අවශ්‍ය වන දේවල්

පරිගණකය/ජංගම දුරකථනය සහ අන්තර්ජාල පහසුකම්

forex කරන්න නම් ඉතින් පරිගණකයක් හෝ laptop එකක් හෝ Samart Phone එකක්වත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අන්තර්ජාලය පහසුකම් ඒ කියන්නේ internet connection එක ඕන වෙනවා. මොකද forex කියන්නේ online මූල්‍ය වෙළෙඳ වෙළඳපල සමග ගනුදෙනු කිරීමක්. හැබැයි ඔයාට forex  ඉගෙනගෙන පුහුණුවීම් ඉවර කරලා මුදල් යොදවලා trade  කරද්දි ඔයාට මොබයිල් එකෙන් උනත් මේක කරන්න පුළුවන්. මුල්දී පුහුණුවීම් වෙද්දි තමයි  computer එකක් අවශ්‍ය වෙන්නේ 

Forex Broker

මොකක්ද මේ broker කෙනෙක් කියන්නේ එහෙමත් නැත්නම් තැරැව්කාර ආයතනය කියන්නේ. අපි කොටස් වෙළඳ වෙළඳ පොළේ ආයෝජනය කරනවනම් කෙලින්ම අපිට ගිහිල්ලා මුදල් යොදවලා ආයෝජනය කරන්න බෑ අපිට ඒකට තැරැව්කරුවෙක් (broker) කෙනෙක් අවශ්‍යයි. ඒ වගේම  මූල්‍ය වෙළෙඳ පොළෙත්. ගනුදෙනු යොදලා ලාභ ලබන්න broker කෙනෙක්  අවශ්‍යයයි. අපි facebook acount  එකක් හදනවා වගේ forex  account එකක් හදාගන්න වෙනවා. ඒක ගැන ඉස්සරහ ලිපිවලදී කරලා කියලා තියෙනවා. මේක සම්පුර්ණයෙන්ම නොමිලයේ කරගන්න පුළුවන්. 

forex කරනවනම් අපිට මෙන්න මේ ටික අවශ්‍ය වෙනවා. හොඳට මතක තියා තියාගන්න ඕන දෙයක් තමයි forex ඉගෙන ගන්නවත් forex පුහුණු වෙන්නවත් කිසිම මුදලක් යන්නේ නැහැ සම්පූර්ණයෙන්ම නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. ඔයා සම්පූර්ණයෙන්ම forex ඉගෙන ගත්තට පස්සේ ඔයාට real trading කරන්න අවශ්‍යනම් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. නැත්තම් අයින් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නේ නැ කියනවනේ. ඔයත් මේක ඉගෙනගෙන බලන්න.

එහෙනම් අපි ඊලග ලිපියෙන් හම්බෙමු.

Next Lesson – Forex වල භාවිතා වන මුදල් වර්ග

Facebook – Hari Forex