Forex වල භාවිතා වන මුදල් වර්ග

ඔන්න අපි දෙවැනි පාඩමටත් ආවා. මෙතන ඉදන් ඔයාට ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා අපි ඉගෙන ගන්න දේ ගැන. අපි මේ ඉගෙන ගන්නේ මුල්‍ය වෙළදපල ගැන. ඉතින් මුල්‍ය වෙළදපලේ ප්‍රධානම දේ තමයි මුදල්. අපි මුලින්ම මුල්‍ය වෙළදපලේ භාවිතා වන මුදල් වර්ග මොනද කියල ඉගෙන ගෙන ඉමු Forex කරන්න අපිට මේ මුදල් වර්ග මොනාද කියල අදුරගන්න පුළුවන් උනාම හොදටම ඇති.

අපි දැන් දන්නවා ගනුදෙනු කරන්නේ විදේශීය මුදල් වර්ග එක්ක කියල. හැබැයි හැම රටකම මුදල් වර්ග Forex Market එකේ භාවිතා වෙන්නේ නැ. ලෝකේ තියන බලවත් රටවල මුදල් වර්ග විතරයි forex market එකේ භාවිතා වෙන්නේ. ඒක නිසා අපිට මතක තියාගන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි. අවාසනාවකට අපේ රටේ භාවිතා වෙන රුපියල් (LKR) forex වල භාවිතා වෙන්නේ නැ. හරි අපි බලමු දැන් forex වල භාවිතා වෙන මුදල් වර්ග අයත් රටවල් මොනාද කියල.

ප්‍රභල මුදල් ඒකක භාවිතා කරන රටවල්

  • ඇමරිකාව (United States of America)
  • එංගලන්තය  (United Kingdom)
  • යුරෝපය  (Europe)
  • ජපානය  (Japan)
  • කැනඩාව  (Canada)
  • ඔස්ට්‍රේලියාව  (Australia)

හරි දැන් ඔයා දන්නවනේ මොනාද රටවල් ටික කියල. දැන් අපි බලමු මේ රටවල් වල භාවිත කරන මුදල් වර්ග මොනාද කියල. හැබැයි අපි මේ මුදල් වර්ග forex market එකේදී භාවිත කරන්නේ ඉංග්‍රීසි අකුරු තුනකින් අපි බලමු ඒ මොනාද කියල.

රටභාවිතා කරන මුදල් වර්ගයForex වල භාවිතා කරන ආකාරය
අමරිකාවUnited States DollarUSD
එංගලන්තයGreat Britain PoundGBP
යුරෝපයEuroEUR
ඔස්ට්‍රේලියාAustralian DollarAUD

අපිට දැනගන්න තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි. බය වෙන්න දෙයක් නැ. ටික දවසක් යද්දී මේවා නිකන්ම හුරු වෙනවා. forex market එකේනම් මුදල් වර්ග 44 විතර තියනවා. එත් අපිට ඒ ඔක්කොම ඕන වෙන්නේ නැ. අපිට ඕන වෙන ටික තමා මන් උඩින් දාලා තියෙන්නේ. ඒ ටික දැනගත්තහම හොදටම ඇති.

මුදල් ඒකක Forex වලදි භාවිතා කරන්නේ කොහොමද ?

අපි දැන් ඊළගට බලමු forex market එකේ මේ මුදල් වර්ග භාවිතා වෙන්නේ කොහොමද කියල. අපිට forex market එකේදී මේවා වෙන වෙනම බලාගන්න වෙන්නේ නැ . මේ මුදල් වර්ග යුගල විදියට තමා අපිට බලන්න පුළුවන් වෙන්නේ. මොකද අපි මෙතනදි කතා කරන්නේ මුදල් වර්ග දෙකක් ගැන. මුදල් වර්ග හුවමාරු කරන්න නම් මුදල් වර්ග දෙකක් තියෙන්න ඕනේ. මතකද ඔයාට මම කලින් ලිපියේ කිව්වා අපිට 1 $ ගන්න රු. 200 ක් දෙන්න වෙනවා කියල. මෙතනදි අපි රුපියලට සාපේක්ෂව තමා ඩොලර් වල අගය කියන්නේ. ඉතින් අපිට එක මුදල් වර්ගයක් විතරක් අරගෙන මේක කියන්න බැ. මුදල් වර්ග දෙකක් තියෙන්නම ඕනේ. මේ මුදල් යුගලයකට අපි කියන්නේ currency pair එකක් කියල. මේ මුදල් යුගල forex වලදී EUR/USD මේ විදියට තමා පෙන්නන්නේ.

දැන් ඔයාලට තෙරුනානේ currency pair එකක් කියන්නේ මොකක්ද කියල. අපිට මේ මුදල් වර්ග හැම එකකටම වගේ currency pairs හදාගන්න පුළුවන්. අපි forex වලදී මේ currency pairs කොටස් දෙකකට බෙදා ගන්නවා.

  • 1. Major currency
  • 2. Minor currency


Major currency කියල කියන්නේ ප්‍රධාන මුදල් යුගල කියන එක. ඒ කියන්නේ USD භාවිත වන මුදල් කාණ්ඩ වලටයි. Minor currency කියල කියන්නේ අනු මුදල් කාණ්ඩ වලටයි. ඒ කියන්නේ USD නැති මුදල් කාණ්ඩ. මන් ඔයාලට පෙන්නන්නම් මේ දෙකේ වෙනස.

1. Major currency

  • EUR/USD
  • GBP/USD
  • AUD/USD
  • USD/JPY

2. Minor currency

  • EUR/GPB
  • GBP/JPY
  • AUD/JPY
  • EUR/AUD

දැන් දැක්කනේ මේ දෙකේ වෙනස. ඔන්න ඔය ටික තමා අපිට මුදල් වර්ග ගැන ඉගෙන ගන්න තියෙන්නේ. අපි forex වලදී ගනුදෙනු කරන්න යොදා ගන්නේ Major currency විතරයි. මේවා තේරුම් ගන්න හරිම පහසු දේවල්. නම් ටික විතරක් පොඩ්ඩක් මතක තියාගන්න. 

අපි ඊලග පාඩමෙන් හම්බෙමු. ප්‍රශ්න තියන අය දකුණු පැත්තේ තියන message icon එක click කරලා අහන්න පුළුවන්. නැත්තම් Face Book හරහා මට Message එකක් දන්න.

Next Lesson – Forex වලින් මුදල් උපයන හැටි

Facebook – Hari Forex