Forex වෙළදපලේ වැදගත්කම

දැන්නම් අපි forex පුහුණු ගිණුම් පටන් ගන්න ඉතාමත් ආසන්නයි. forex වල තියන වටිනාකම පෙන්නන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවේ. මොකද සමහර අයට තාමත් මේක කොච්චර වටින දෙයක්ද කියලා තේරෙන්නේ නෑ. අපි බලමු forex  වෙළඳපලේ වැදගත් කම් මොනවද කියලා. ලංකාවේ කොටස් වෙළඳපල හැරුණු විට හුවමාරු වෙළඳපළක් ලෙස අපට නිවසේ සිටම මුදල් ඉපයීම කළ හැකි ක්‍රමයක්ට තියෙන්නේ forex trading විතරයි. ඒත් ගොඩ දෙනෙක් තුළ මේ අවබෝධය නැහැ. ගොඩක් අය අලුත් දෙයක් කරන්න බයයි. දෙයක් අත්හදා බලන්න බයයි. මේ නිසාම තමයි අපි හැමදාම එකම තැන ඉන්නේ.

අර කතාවටත් කියන්නේ පිහිනන්න පුරුදු වෙන්න ඕනෙනම් වතුරට බහින්නම වෙනවා. ඒ වගේ තමා අපි දියුණුවෙන්න ඕනෙනම් ඒකට අපි උත්සාහ කරන්න ඕනෙ. නිකං හිටියට කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. සමහරු මට මේක බෑ අරක බෑ, මට මේක කරන්න බැරිවෙයි, වගේ දේ දේවල් හිත හිත ඉන්නවා. ඒ වගේ අය මේකට එන එක වැඩක් නෑ. මොකද අපි මොකක් හරි දෙයක් කරද්දී ඒකට උත්සාහයක් තියෙන්න ඕනෑ. ලෝකේ ඉන්න දියුණු වෙච්ච මිනිස්සු හැමෝම ගොඩක් මහන්සි වෙලා අවදානමක් අරගෙන අලුත් දේවල් කරලා තමයි ඒ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ.

ඒක නිසා ඔයාල හොද අධිෂ්ඨානයකින් කරන්න පටන් ගන්න. කම්මැලි නොවී ලිපි කියවන ගමන් හැමදේම ඉගෙන ගන්න.  ඔයාලා මං මේ කියන විදිහට කරගෙන ගියොත් ඔයාලට forex වලින් හොද ආදායමක් උපයන්න පුළුවන් වෙන බවට මට සහතික වෙන්න පුළුවන්.

Forex Market එක සහ කොටස් වෙළඳපළ

කොටස් වෙළද පොළේ අද තව පවතින තත්වය එච්චර හොද එකක් නෙමෙයි. මොකද කොටස් වෙළදපල මේ වනවිට විශාල පසුබෑම්කට ලක්වෙලා තියෙන්නේ. ඒ ගැන කොටස් වෙළඳපළ සමග ගනුදෙනු කරන කෙනෙක්ගෙන් අහල දැනගන්න පුළුවන් මේක සත්‍යතාව. නමුත් මූල්‍ය වෙළඳපල එසේ නොවේ. හරි දැනුමක් ඇතිව මෙයට පිවිසියහොත් ඉතා සුළු ආයෝජනයකින් උනත් විශාල ලාභයක් ගන්න පුළුවන්. මේකෙන් මම අදහස් කරන්නේ රුපියල් පන්දාහක් යොදලා ලක්ෂයක් විතර හොයනවා කියන එක නෙමෙයි. අපි පොඩි ගානකින් පටන් ගත්තත් ටිකෙන් ටික අපේ ආදායම් වැඩි කරගන්න අපිට පුළුවන් කියන එක.

අනිත් කාරණය තමයි අපි කොටස් වෙළඳපලේ ආයෝජනය කර හොද ලාභයක් ලැබීමට නම් අඩුම තරමේ රුපියල් 300,000 වත් ඔබ විසින් ආයෝජනය කරන්න වෙනවා. නමුත් මූල්‍ය වෙළඳපල එහෙම නෑ. ඔබට මේ සා සඳහා පිවිසීමට අවම ඩොලර් 50 (රු.10,000) ක් වූනත් ඇති. මේ මම කිව්වෙ අවම ගාන හරි විදිහට කරනවා නම් ඩොලර් 100 ක් වත් තියෙන්න ඕන. මොකද ප්‍රමාණවත් ආයෝජනයක් නැතුව ගනුදෙනු කරන්න යන එක, එක පැත්ත්කින් අවදානම් අනිත් එක ලාභයත් අඩුයි. අවදානම කියන්නේ මොකක්ද ,ඒක අපි ඉවත් කරගන්නේ කොහොමද කියන එක මම ඉදිරි ලිපි වලදි ඔයාලට පැහැදිලි කරලා දෙනවා.

මේක ලෝකෙම පිළිගත්ත වැදගත් ව්‍යාපාරයක් ඉතින් ඒක කරන්න ආයෝජනයක් අනිවාර්යයි. හැබැයි ඇත්ත සල්ලි ආයෝජනය කරන්න කලින් ඔයාට හම්බ වෙනවා පුහුණු ගිණුම් බොරු සල්ලි එක්ක. එකෙන් ගනුදෙනු කරලා හොද පුහුණුවක් අරගෙන සත්‍ය මුදල් දාලා ගනුදෙනු කරන්න පුළුවන්. දැන්මම ඒක ගැන හිතන්න ඕනේ නෑ මොකද ඔයා පුහුණු ගිණුම් වලින් පුහුණු වෙද්දී ඔයාට තේරෙනවා මේක මට කරන්න පුළුවන් දෙයක් ද කියල. ඊට පස්සේ ඔයාට කැමතිනම් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. මේක ගැන දැන්මම හිතන්න එපා. මොකද මේ පිළිබඳ පැහැදිලි විස්තර මම ඉදිරි ලිපි වල දාලා තියෙනවා. ඔයාලට දැනුවත් වීමට විතරයි මම මේක ගැන කිව්වේ.

නව ව්‍යාපාරයක් සහ මූල්‍ය වෙළඳපල

ඔයා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන්න ඉන්න කෙනෙක් නම් මේ ගැනත් බලන්නකෝ. ඔයා සාමාන්‍ය ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ වියදම් අධික වැඩක්. අද කාලේ සාමාන්‍ය ව්‍යාපාරයක් පටන් ගන්න වුනත් රුපියල් මිලියනයක් වත් මුලික ආයෝජනයක් කරන්න වෙනවා. ඊට පස්සේ වතුර වලට, විදුලියට, කුලිය ගෙවන්න වෙනකොට සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. මේ ඔක්කොමත් කළා කියල හිතමුකෝ. ඊට පස්සේ හැමදේම තීරණය වෙන්නේ අපි හිතන විදියටම ලාභයක් අපිට ලැබුනොත් විතරයි. නැත්තම් අපිට කුලිය ගෙවාගන්නවත් බැරි වෙලා ව්‍යාපාරය බංකොලොත් වෙන්න පුළුවන්. මේ වගේ වෙච්ච අය අද සමාජයේ ඕන තරම් ඉන්නවා. නිකරුනේ විශාල මුදලක් විනාස කරගන්නවා ලොකු අවදානමක් අරගෙන. එහෙත් මූල්‍ය වෙළඳපල මෙයට හාත්පසින්ම වෙනස් දැන් ඔයා මේ මුදල්, මුල්‍ය වෙළදපල සදහා ආයෝජනය කලොත් ඔබට අමතර වියදම් කිසි දෙයක් යන්නේ නැ.

අනිත් කාරණය ගෙදර ඉදල නැත්තම් mobile phone එකෙන් උනත් ඕන තැනක ඉදල මුදල් උපයන්න හැකියාව තියනවා. නව ව්‍යාපාරයකට වගේ ලොකු මුදලක් ආයෝජනය කරන්න අවශ්‍යත් නෑ. බොහොම පොඩි මුදලක් ආයෝජයන කරන්න තියෙන්නේ. නමුත් මේක ගොඩක් දෙනෙකුට තේරෙන්නේ පරක්කු වෙලා. මොකද ඒ අය අලුත් දේවල් අත්හදා බලන්න බයයි. ඔයා තරුණ වයසේ ඉන්න කෙනෙක්නම් ලොකු අවස්ථාවක් තියනවා දියුණු වෙන්න මාර්ගයක් හොයන්න. මොකද තරුණ වයසේ අයට වගකීම් අඩුයි. ජීවිතය ජයගන්න නම් ඔයා ළඟ උනන්දුව සහ කැපවීම තියෙන්නම ඕනෙ. මුකුත්ම නොකර නිකන් ඉන්නවට වඩා උත්සහ කරන එක ගොඩක් වටිනවා. මමනම් හිතන්නේ මුල්‍ය වෙළදපල තරම් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් වෙන ක්‍රමයක් නැ කියලයි. හැබැයි හරි දැනුමක් තියෙන්න ඕනෙ. මම මගේ පැත්තෙන් උපරිම ඔයාලට උදව් කරනවා. ඔයාලට තියෙන්නේ උනන්දුවෙන් මේ දේවල් කියවල දැනුම අරගන්න එක. මම ඔයාලට මේක කරන්න කියල කියන්නේ නැ. ඒක ඔයාල තීරණය කරන්න. මම කරන්නේ ඔයාලට නිසි අධ්‍යාපනයක් දීම පමණයි.

Forex රටේ ආර්ථිකයට වැදගත් වන ආකාරය

අද කාලේ අපේ රටට විශාල විදේශ මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ අපේ මිනිස්සු පිටරට ගිහින් වැඩ කරලා ලංකාවට එවන සල්ලි වලින්. රටක ආර්ථිකය ශක්තිමත් වෙන්න විශාල වශයෙන් විනිමය බලපානවා. ඒ කියන්නේ විදේශ මුදල්. විදේශ මුදල් අපේ රටේට එන ප්‍රමාණය වැඩිවෙන තරමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත්මත් වෙනවා. ඉතින් අපි forex වලින් කරන්නෙත් විදේශ මුදල් සමග ගනුදෙනුවක්. ඉතින් අපි ගන්න ලාභය අපේ අතට ගන්නවා කියන්නේ විදේශ රටවල් තියන සල්ලි ලංකාවට එනවා කියන එක. ඒක අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා. ඉතින් ඔයාලා forex trading කරනවා කියන්නේ නොදැනුවත්වම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න උදව් වෙනවා කියන එක.

මූල්‍ය වෙළෙඳපොළ විශ්වාසවන්ත ආයෝජන මාර්ගයක් ද?

ඇත්තටම ඔව්. මූල්‍ය වෙළඳපල කියලා කියන්නේ ලෝකේ තියෙන විශාලතම හා විශ්වාසවන්තම මුදල් හුවමාරු වෙළඳපොලයි. මෙහි දිනකට ඇමරිකානු ඩොලර් බිලියන 6600 පමණ අති විශාල මුදලක් හුවමාරු වෙනවා. ඒ වගේම ලෝකෙ තියන ප්‍රධාන පෙළේ බැංකු සහ විශාල ආයතන මේකට සම්බන්ධ වෙලා තියෙනවා. තවද ලංකාවේ තිබෙන සියලුම බැංකු පවා මෙහි ආයෝජන කරනවා. ගොඩක් අය මේ පිළිබඳ අවිශ්වාස කරන්න එක හේතුවක් තමයි මේ වනතෙක් මෙහෙම දෙයක් තියෙනවද කියලවත් සමහරු දන්නේ නැහැ. එයට හේතුව ඔබ තුළ මේ පිළිබඳ උනන්දුවක් තිබුණේ නැති නිසා වෙන්න පුළුවන්. නමුත් ඔයාලට මූල්‍ය වෙළඳපළ ගැන තව විස්තර අන්තර්ජාලයෙන් හොයල බලන්න පුළුවන්.

කොහොම උනත් අපිට කෙලින්ම මූල්‍ය වෙළඳපලේ ආයෝජනය කරන්න බැහැ. අපි එක කරන්න ඕනේ තැරැව්කාර ආයතනයක් හරහා. ඒක නිසා අපි විශ්වාසවන්ත තැරැව්කාර සමාගමක් සොයා ගන්න ඕනේ. සඳහා මම ඔයාලට කලින් ලිපියෙන් උදව් කලා. මම ඉදිරි ලිපි වලදි දිගටම කතා කරන්නේ මම ආයෝජනය කරලා තියෙන තැරැව්කාර ආයතනයේ තිබෙන පිළිවලට. ඒක නිසා මම යෝජනා කරනවා ඔයාලට මම මේ කියන පිළිවෙළට ඉදිරියට යන්න කියලා.

මම ඔයාලට ඊලඟ ලිපියෙන් මෘදුකාංගය Download කිරීම, පුහුණු ගිණුමක් ආරම්භ කිරීම පටන්ගන්න ආකාරය. හැම දෙයක් ගැනම හරියටම කියලා දෙනවා. ඔයාලට දැන් පෙනෙයි මේවා ගොඩක් ලොකු දේවල් කියල නමුත් කරද්දි තේරෙනවා හරිම පොඩි දේවල් ටිකක් තියෙන්නේ කියලා. මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ කරගන්න පුලුවන් දේවල්. ඒක නිසා බය වෙන්න කිසි දෙයක් නෑ. මම හැමදේම පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ප්‍රශ්න තියෙන අයට පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන් නැත්නම් මාව Face Book හරහා සම්බන්ධ කරගන්න පුලුවන්.

Next Lesson – මෘදුකාංගය Download කිරීම, පුහුණු ගිණුමක් ආරම්භ කිරීම

Facebook – Hari Forex