Forex Sinhala

Forex Trading කියන්නේ මොකක්ද ? මේක හැමෝම අහන ප්‍රශ්නයක්. E – Money වලින් විවිධ ක්‍රම හරහා මුදල් උපයන හැටි ඔයාල දැකල ඇති. අහල ඇති. මේ අතරින් ගොඩක් ඒවා Dollar සත ගණන් උපයන ඒවා. නමුත් මේ අතරින් විශේෂ දෙයක් තියනවා. ඒ තමයි Forex Trading. ඒ කියන්නේ ලෝකයේ රටවල් අතර මුදල් හුවමාරු වන විශාලතම මුල්‍ය වෙළදපල හරහා මුදල් ඉපයීම. ලෝකයේ බිහිවුණු E Money තුල සාර්ථකම ක්‍රමය තමයි මේක. කෙනෙකුට ව්‍යපාරයක් විදියට උනත් මේක කරන්න පුළුවන්. ඒ වගේම ආදායම ගන්න දවස් ගණන් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ මොහෙතේම ගන්න පුළුවන්. මේක ලෝකෙම පිළිගත්ත විශාලතම මුල්‍ය වෙලදපලයි. අද ලංකාවේ ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක් තමයි මේක. නමුත් මේ ගැන ඉගෙනගන්න හරි තැනක් නැහැ. නැත්තම් ලොකු මුදලක් ගන්නවා උගන්වන්න. ඒක නිසා දන්න කෙනා හොදට මුදල් උපයනවා. ඕන කෙනෙක්ට මේ ගැන තව විස්තර හොයල බලන්න පුළුවන් මෙතනින්. Forex Sinhala

මේකේ වැදගත්ම දේ තමයි ඔයා රැකියාවක් කරන කෙනෙක්නම් රැකියාව කරනගමන් Forex Trading කරන්න පුළුවන්. ඔයා මේකට වෙනම කාලයක් වෙන්කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ අතේ තියන Mobile phone එකෙන් ඔයාට ඕනෑම වෙලාවක මේකට සම්බන්ද වෙන්න පුළුවන්.

Forex Sinhala

Forex Trading ගැන වැඩිදුරට

මේකත් හරියට කොටස් වෙළදපල වගේ තමයි. හැබැයි ඒ තරම් සංකීර්ණ නැ. ඔයාල දන්නවනේ අද කොටස් වෙළදපලේ ගනුදෙනු කරනවා කියන්නේ මොන වගේ ආදායමක් ලබනවද කියල. මේකත් ඒ වගේ තමා හැබැයි ඊට වඩා ගොඩක් ලේසියි. ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්.

Forex කියල කියන්නේ “විදේශ මුල්ය හුවමාරුව” කියන එකයි. ඒ කියන්නේ විවිධ රටවල බාවිතා කරන මුදල් වර්ග හුවමාරු කරගැනීමයි. ඔයා දන්නවා ලංකාවේ රුපියල් භාවිතා කරනව වගේම වෙනත් රටවල යුරෝ, ඩොලර්, පවුම්, යෙන්, වගේ මුදල් වර්ග භාවිතා කරනවා. අපිට පිටරට යන්න ඕන උනාම අපි ඒ යන රටේ භාවිතා කරන මුදල් වර්ගය අරගෙන යන්න ඕනේ. ඒකට අපි රුපියල් දීල ඒ මුදල් වර්ගය ගන්න ඕනේ.

හරියට මෙන්න මේ වගේ, ඔයා හිතන්න ඔයාට ඇමරිකාවට යන්න ඕන වෙනවා කියල. එතකොට ඔයා ඇමෙරිකා වල භාවිතා කරන මුදල් වර්ගය ගන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් ගන්න ඕනේ. ඔයාට ඩොලර්  1ක් ගන්න රුපියල් 200 දෙන්න වෙනවා. මෙන්න මේකට තමා මුල්ය හුවමාරුව කියන්නේ.දැන් හැමෝටම තේරුණා නේද. මන් හැමෝටම තේරුම්ගන්න ඕන නිසයි ගොඩක්ම සරලව කියල දෙන්නේ.

කොටස් වෙලදී පළේදී වෙන්නේ කොටස් මිලදී ගන්න අයයි විකුණන අයයි ගනුදෙනු කරන එක. මුල්ය වෙලදපලෙත් ඒ වගේ තමා මුල්ය විකුණුම් කරුවෝයි ගනුම්කරුවෝයි ගනුදෙනු කරන එක තම වෙන්නේ. මේක කරන්න අපිට මිලට ගන්න අයව හොය හොය ඉන්න ඕනේ නැ. මේ දේවල් අපි කරන්නේ මෘදුකාංගයක් හරහා. ඒක නිසා අපිට මහන්සි වෙන්න දෙයක් නැ. මේ software එක ගැන මන් ඉස්සරහට ඔක්කොම කියල දෙනවා.

Forex Trading ගැන නොමිලේ ඉගෙනගන්න පුලුවන්ද ?

ඔව් ඔයාට 100% සම්පුර්ණයෙන්ම නොමිලේ Forex ඉගෙනගන්න පුළුවන්. forex උගන්වන ගොඩක් අය උගන්වන්නේ නිකන් නෙමේ සල්ලි වලට. මොකද forex වලින් ලොකු ආදායමක් ලබන්න පුළුවන්. ඒක නිසා ඒක කවුරුත් නොමිලේ උගන්වන්නේ නැහැ. මේක නිසාම ගොඩක් අයට මුදල් වියදම් වෙනවා. හැබැයි මම Hari Forex website එක හැදුවේ ඔයාලා හැමෝටම නොමිලේ forex උගන්වන්නයි. මේක ඔයාට ලැබෙන ලොකු අවස්ථාවක්. ඔයාල හැමෝම මගේ ලිපි මුල ඉඳලා  හොඳ අවබෝධයකින් කියෙව්වොත් සහ මං කියන විදිහටම හැම දේම කලොත් ඔයාලටත් ඉක්මනින් හොඳ ආදායමක් උපයන්න පුළුවන්. මේ සියලුම ලිපි ලියලා තියෙන්නේ ඉතාම සරල භාෂාවෙන් කාටත් පහසුවෙන් තෙරැමි ගන්න පුලුවන් වෙන විදියට.

මාසෙකට Forex වලින් කීයක් විතර උපයන්න පුලුවන්ද?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය . ඇත්තටම කියන්න තියෙන්නේ Forex වලින් ඔයාට උපයන්න පුළුවන් ගණන සීමාවක් නෑ කියලයි. ඒක මම පැහැදිලි කරන්නම්. Forex හරිහැටි ඉගෙන ගත්තට පස්සේ අපිට මේකට මුදල් ආයෝජනය කරන්න පුළුවන්. Forex කියන්නේ ආයෝජනය කරලා මුදල් උපයන දෙයක්. ඒ ආයෝජනය කරන මුදල් අපිට පාලනය කරන්න පුලුවන්. නැවත ගන්න උනත් පුළුවන්. අපි ආයෝජනය කරන මුදල අනුව තමයි අපිට උපයන්න පුළුවන් ගණන තීරණය වෙන්නේ.

සාමාන්‍යයෙන් අපි මුලින්ම Forex පටන් ගන්නේ USD 100 ආයෝජනය කරලා. එතකොට ඔයාට දවසකට $10 – $20 අතර මුදලක් උපයන්න පුළුවන්.ඒ කියන්නේ දවසකට රුපියල් 2000  – 4000 අතර මුදලක් උපයන්න පුළුවන්. ඔයාට මේ උපයන මුදලුත් නැවත ආයෝජනය කලොත් ඊට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේකේ ආදායම සීමාවක් නෑ කියලා.

ඉතින් දැන් ඔයාලට දළ අවබෝධයක් එන්න ඇති කොපමණ මුදලක් උපයන්න පුළුවන්ද කියලා.අපි ඉස්සරහා ලිපි වලදි මේක ගැන ගොඩක් කතා කරනවා. ඔයාලා දිගටම ලිපි බලන ගමන් මං කියන විදිහට මේක පුහුණු කරන්න ඕන. එතකොට ඔයාට මේක ඉතාම සරල දෙයක් වෙයි.

Forex වලින් මුදල් උපයන්නේ කොහොමද?

දැන් ඔයාලට තියන ගැටලුව තමා අපි කොහොමද මේ වැඩෙන් මුදල් උපයන්නේ කිය කියන එක. ඒ ගැන සම්පුර්ණ විස්තරයක් මන් ඉදිරි ලිපියක කියල දෙනවා. දැනට මන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නන්. ඔයාලට මන් කලින් කව්වා USD 1ක් ගන්න රු.200 දෙන්න වෙනවා කියල. ඒ කියන්නේ USD 1ක අගය රුපියල් වලින් 200යි කියන එක. දැන් මේ අගය මේ මට්ටමේම තියෙන්නේ නැ 205 වෙන්නත් පුළුවන් 195 වෙන්නත් පුළුවන්. නිතරම මේ අගය වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීමෙන් තමා අපි ලාභ ගන්නේ. මේ අගයන් හැම තත්පරේකම වෙනස් වෙනවා. මේ දේවල් එක්ක ලාභ ගන්න විදිය ගැන හැමදෙයක්ම මම ඉස්සරහ ලිපි වලිදී කියල දෙනවා.

ලොවපුරා ඇති මුල්‍ය ආයතන මේ මගින් විශාල මුදලක් උපයනවා. අපිට විශාල මුදලක් ආයෝජනය කරන්නේ නැතුව විශාල ලාභයක් ගන්න පුළුවන්. අනිත් කාරණය තමා මිල ඉහල යනකොට විතරක් නෙමේ පහල යනකොටත් ලාභයක් ගන්න පුළුවන්. වැදගත් කාරණය තමා දවසින් දවස ඩොලරය ඉහල යනවා. අපි මුදල් උපයන්නේ ඩොලර් වලින් නිසා අපේ අදායම එන්න එන්නම වැඩි වෙනවා. ඒක නිසා මේක ගොඩක් හොද වැඩක්. ඔයාට මේ පාඩම දිගටම අධ්‍යනය කරද්දී මේ හැම දෙයක්ම පැහැදිලි වෙයි.

නොමිලේ පුහුණුව

වැදගත්ම කාරණයක් තමයි Forex කරන්න අපිට පුලුවන්ද කියල බලන්න අපිට නොමිලේ පුහුණු ගිණුමක් ලැබෙනවා. මේක පුහුණු වෙන්න කිසිම මුදලක් යන්නේ නැ. එයාල අපිට පුහුණු වෙන්න ඩොලර් 10,000 ක් දෙනවා. ඒවගෙන් තමා අපි පුහුණු වෙන්න ඕනේ. ඒ පුහුණු වෙන account එකට කියන්නේ Demo account එක කියල. පුහුණු වෙලා අපිට අවශ්‍යනම් අයින් වෙන්න පුළුවන් නැත්තම් මුදල් ආයෝජනය කරල ඇත්ත ගිණුමකින් (Real account) මුදල් උපයන්න පුළුවන්. මන් මේවා ගැන ඉස්සරහට කියල දෙනවා. මන් හිතනවා හැමෝටම දැන් තේරෙන්න ඇති කියල forex කියන්නේ මොකක්ද කියල. තේරෙන්නේ නැති දෙයක් තියනවනම් අහන්න.

අනිත් කාරණය තමා මූල්‍ය වෙළඳපල පාලනය වෙන්නේ ලෝක බැංකුව මගින් ඒක නිසා මේක පිළිබඳ කිසිම අවිශ්වාසයක් තියාගන්න අවශ්‍යතාවයක් නෑ .අද ලෝකයේ මිලියන ගණනක් දෙනා forex වලින් ආදායම් ලබනවා. දැන් ලංකාවෙත් ගොඩක් දෙනා forex මගින් හොඳ ආදායම් ලබනවා. ඔයාට මේක පියවරෙන් පියවර ඉගෙන යද්දී තේරෙයි කොච්චර ලේසි දෙයක් ද කියලා.

නොමිලේ ගිණුමක් සදා ගැනීම

ඔයා මුලින්ම Forex ගිණුමක් හදාගන්න ඕන. එතකොට පාඩම්වල තියන දේවල් තේරුම්ගන්න පහසු වෙනවා. මේක ඔයාට නොමිලේම හදාගන්න පුළුවන්. Forex කියන්නේ ලෝකෙම පිළිගත්තා ව්‍යාපාරයක් නිසා මේ ගිණුම දෙතුන් පාර හදන්න දෙන්නේ නැහැ. ඒක නිසා එක පාරින්ම මම කියන පිලිවලට හදාගන්න. අනිත් වැදගත්ම කාරණය තමයි මේක හදද්දී ඔයාගේ සත්‍ය තොරතුරු පමණක් දාන්න ඕන. නැත්තම් ඔයා උපයන මුදල් ලබාගන්නකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න. හරි මුලින්ම පහල තියන Open an Account කියන Button එක click කරන්න ඊට පස්සේ පහල තියනවා වගේ Application එකක් ලැබෙයි. ඒක පුරවන හැටි මම පහලින් දාල තියනවා. ඒ විදියට පුරවන්න. (පහල මම කියල තියන විදියටම එකින් එක හොදට බලල පුරවන්න නැත්තම් වරදින්න පුළුවන්)

First and Last name : ඔබගේ නම යොදන්න (මුල් නම සහ දෙවැනි නම)

Email : ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න.

Phone : දුරතකන අංකය ඇතුලත් කරන්න. එය ඇතුලත් කිරිමෙදි ඔබගේ රටෙි Code එක ඇතුලත් කිරීමට අමතක කරන්න එපා. ඔබ ශ්‍රිලංකාවෙි නමි ඔබ +94 ලෙස 0 වෙනුවට ඇතුලත් කල යුතුයි. උදා : +9477123456 ආදි ලෙස

Account Type : FIX

Currency : USD

Leverage : 1:500 යොදන්න

දැන් මේක හරියට පිරෙව්වනම් එතන යට තියන පොඩි කොටු දෙකට Tick දෙකක් දාන්න. ඊට පස්සේ Open a Trading Account කියන එක Click කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ගිණුම් විස්තර ටික ලැබෙනවා. ඔයාගේ Login ID එක Password එක වගේ හැම දෙයක්ම.

මතක ඇතුව මේ ගිණුම් විස්තර ටික ලියල තියාගන්න. Screen Shot එකක් හරි අරගන්න. මොකද මේ විස්තර ටික අපිට හැමදාටම ඕන වෙනවා. ඔයාගේ Email එකටත් මේ විස්තර ලැබෙනවා. එත් ලියල තියාගන්න. හරි දැන් ඔයාගේ පලවෙනි පියවර ඉවරයි. ඊළගට තියෙන්නේ ලිපි කියවන ගමන් පුහුණු වෙන එක. මම ඔයාලට පාඩම් 30 කින් යුත් පාඩම් මාලාවක් හදල තියනවා. ඔයාට තියෙන්නේ මේ ටික පිලිවලට කියවනගමන් ඒවගේ තියන දේවල් කරන්න. ඒ ලිපි දිගටම කියවද්දී හැමදෙයක්ම තේරෙනවා. ඔයාට මුදල් උපයන විදිය වෙනකල්ම මේ ලිපිවල පිලිවලට තියනවා. ඉතින් දැන් ඔයා මේ ලිපි ටික කියවන්න පටන්ගන්න. ඊලග ලිපියෙන් හම්බෙමු.

Next Lesson – Forex පටන්ගන්න අවශ්‍ය දේවල්

Forex Sinhala. Forex Sinhala.