
ඔන්න අපි දෙවැනි පාඩමටත් ආවා. මෙතන ඉදන් ඔයාට ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා අපි ඉගෙන ගන්න දේ ගැන. අපි මේ ඉගෙන ගන්නේ මුල්‍ය වෙළදපල ගැන. ඉතින් මුල්‍ය වෙළදපලේ ප්‍රධානම දේ තමයි මුදල්. අපි මුලින්ම මුල්‍ය වෙළදපලේ භාවිතා වන මුදල් වර්ග මොනද කියල ඉගෙන ගෙන ඉමු. Forex කරන්න අපිට මේ මුදල් වර්ග මොනාද කියල අදුරගන්න පුළුවන් උනාම හොදටම ඇති.
අපි දැන් දන්නවා ගනුදෙනු කරන්නේ විදේශීය මුදල් වර්ග එක්ක කියල. හැබැයි හැම රටකම මුදල් වර්ග Forex Market එකේ භාවිතා වෙන්නේ නැ. ලෝකේ තියන බලවත් රටවල මුදල් වර්ග විතරයි forex market එකේ භාවිතා වෙන්නේ. ඒ අතරිනුත් අපි ගනුදෙනු කරන්න යොදාගන්නේ රටවල් 10 කටත් අඩු ප්‍රමාණයක්. ඒක නිසා අපිට මතක තියාගන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි. අවාසනාවකට අපේ රටේ භාවිතා වෙන රුපියල් (LKR) , forex වල භාවිතා වෙන්නේ නැ. හරි අපි බලමු දැන් forex වල භාවිතා වෙන මුදල් වර්ග අයත් රටවල් මොනාද කියල.
ප්‍රභල මුදල් ඒකක භාවිතා කරන රටවල්
- ඇමරිකාව (United States of America)
- එංගලන්තය (United Kingdom)
- යුරෝපය (Europe)
- ජපානය (Japan)
- ඔස්ට්‍රේලියාව (Australia)
- නවසීලන්තය (New Zealand)
හරි දැන් ඔයා දන්නවනේ මොනාද රටවල් ටික කියල. දැන් අපි බලමු මේ රටවල් වල භාවිත කරන මුදල් වර්ග මොනාද කියල. හැබැයි අපි මේ මුදල් වර්ග forex market එකේදී භාවිත කරන්නේ ඉංග්‍රීසි අකුරු තුනකින්. පහල වගුව දිහා හොදට බලන්න.

උඩ තියන වගුවෙන් මුදල් වර්ගය භාවිතා කරන රට , ඒ මුදල් වර්ගය හදුන්වන නම සහ forex වල අපි එම මුදල් වර්ගය හදුන්වන ආකාරය පෙන්නලා තියනවා. ඒ වගුවෙන් ඔයාට පැහැදිලිව මුදල් වර්ග මොනාද කියන එක අදුරගන්න පුළුවන්.
අපිට දැනගන්න තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි. බය වෙන්න දෙයක් නැ. ටික දවසක් යද්දී මේවා නිකන්ම හුරු වෙනවා. forex market එකේනම් මුදල් වර්ග 44 විතර තියනවා. එත් අපිට ඒ ඔක්කොම ඕන වෙන්නේ නැ. අපිට ඕන වෙන ටික තමා මන් උඩින් දාලා තියෙන්නේ. ඒ ටික දැනගත්තහම හොදටම ඇති.
මුදල් ඒකක Forex වලදි භාවිතා කරන්නේ කොහොමද ? (Currency Pair)

අපි දැන් ඊළගට බලමු forex market එකේ මේ මුදල් වර්ග භාවිතා වෙන්නේ කොහොමද කියල. අපිට forex market එකේදී මේවා වෙන වෙනම බලාගන්න වෙන්නේ නැ . මේ මුදල් වර්ග යුගල විදියට තමා අපිට බලන්න පුළුවන් වෙන්නේ. මොකද අපි මෙතනදි කතා කරන්නේ මුදල් වර්ග දෙකක් ගැන. මුදල් වර්ග හුවමාරු කරන්න නම් මුදල් වර්ග දෙකක් තියෙන්න ඕනේ. මතකද ඔයාට මම කලින් ලිපියේ කිව්වා අපිට 1 $ ගන්න රු. 300 ක් දෙන්න වෙනවා කියල. මෙතනදි අපි රුපියලට සාපේක්ෂව තමා ඩොලර් වල අගය කියන්නේ. ඒ කියන්නේ ඩොලර් 1 ක් ගන්න රුපියල් කීයක් ඕනෙද කියන එකයි. ඉතින් අපිට එක මුදල් වර්ගයක් විතරක් අරගෙන මේක කියන්න බැ. මුදල් වර්ග දෙකක් තියෙන්නම ඕනේ. මේ මුදල් යුගලයකට අපි කියන්නේ CURRENCY PAIR එකක් කියල. මේ මුදල් යුගල forex වලදී EURUSD,GBPUSD, USDJPY මේ වගේ විදියට තමා පෙන්නන්නේ.
දැන් ඔයාලට තෙරුනානේ Currency Pair එකක් කියන්නේ මොකක්ද කියල. අපිට මේ මුදල් වර්ග හැම එකකටම වගේ currency pairs හදාගන්න පුළුවන්. අපි forex වලදී මේ Currency Pairs කොටස් දෙකකට බෙදා ගන්නවා.
1. Major Currency Pairs
2. Minor Currency Pairs
Major Currency Pairs කියල කියන්නේ ප්‍රධාන මුදල් යුගල කියන එක. ඒ කියන්නේ USD භාවිත වන මුදල් කාණ්ඩ වලටයි. මේ මුදල් යුගලවල අනිවාර්යයෙන් USD තියනවා. USD තියන හැම Currency Pair එකක්ම Major එහෙම නැත්නම් ප්‍රධාන මුදල් යුගලයක් කියල ඔයා මතක තියාගන්න. Minor Currency Pair කියල කියන්නේ අනු මුදල් කාණ්ඩ වලටයි. ඒ කියන්නේ USD නැති මුදල් කාණ්ඩ. පහල තියන වගුව දිහා හොදින් බැලුවනම් මේ දෙකේ වෙනස ඔයාට අදුරගන්න පුළුවන්.

දැන් දැක්කනේ මේ දෙකේ වෙනස. ඔන්න ඔය ටික තමා අපිට මුදල් වර්ග ගැන ඉගෙන ගන්න තියෙන්නේ. අපි forex වලදී ගනුදෙනු කරන්න යොදා ගන්නේ Major Currency Pairs විතරයි. ඒක නිසා අපිට Major Currency Pairs ටික දැනගත්තහම හොදටම ඇති.
Base Currency සහ Quote Currency
මේකත් හරිම සරල කාරණයක්. හැබැයි අනිවාර්යයෙන් හොදටම තේරුම්ගන්න අවශ්‍යම කාරණයක් මේක. මන් මේක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. අපි කලින් කතා කලානේ ඔයාට ඩොලර් (USD) එකක් ගන්න රුපියල් (LKR) 300 දෙන්න වෙනවා කියල. එතකොට මෙතන Currency Pair එක USD/LKR විදියට අපිට බලාගන්න පුළුවන්. හැම වෙලාවේම අපි මිලදීගන්න Currency එක තමයි Currency Pair එකේ මුලින්ම තියෙන්නේ. අපිට දැන් මිලදී ගන්න අවශ්‍ය Dollar නිසා මෙතැනදී USD එක තමයි මුලින්ම තියෙන්නේ. හැම Currency Pair එකකම මෙහෙම තමයි තියෙන්නේ. EUR/USD වලින් කියන්නේ Euro එකක් මිලදී ගන්න USD කියක් දෙන්න ඕනෙද, GBP/USD වලින් කියන්නේ Britain Pound එකක් ගන්න USD කියක් ඕනෙද කියන එක. USD/JPY වලින් කියන්නේ USD එකක් මිලදීගන්න Japanese Yen කීයක් ඕනෙද කියන එකයි. දැන් ඔයාලට හොදටම පැහැදිලි ඇති.

දැන් උඩ තියන පින්තුරය දිහා බලන්න. එතන ඔයාට බලාගන්න පුළුවන් Base Currency එක සහ Quote Currency එක කියන්නේ මොකක්ද කියල. මන් ඔයාට කිව්ව හැම Currency Pair එකකම මුලින්ම තියන Currency එකට කියන්නේ Base Currency එක කියල. ඒ වගේම දෙවැනි Currency එකට කියන්නේ Quote Currency එක කියල. ඔයා මතක තියාගන්න ඕන අපි හැමවෙලේම මිලදී ගන්න Currency එක තමයි මුලින්ම තියෙන්නේ. ඒකට තමයි.Base Currency එක කියන්නේ.
Gold සහ Silver
මේක අපිට ඉස්සරහට වැදගත්ම දෙයක් වෙනවා. දැන් Forex Market එකේ මුදල් යුගලයන්ට අමතරව Gold , Silver වැනි වටිනා ලෝහ ගනුදෙනු කරන්න පුළුවන්. ලෝකයේ හැම රටකම ආයෝජන මාර්ගයක් විදියට මෙම ලෝහ දෙක භාවිතා කරනවා. මෙතැනදී වෙන්නේ ලෝක වෙළදපලේ පවතින මිල ගණන් වලට අපි Gold සහ Silver ගනුදෙනු කිරීමයි. මේකේ වාසිය තමයි අපිට ලොකු ලාභයක් මේ හරහා උපයන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තරයක් මන් ඉස්සරහ ලිපියකින් කතා කරනවා. දැනට අපි Forex වල Trading කරන ආකාරය මුලික මුදල් ඒකක යොදාගෙන ඉගෙනගෙන ඉමු.
අද ලිපිය මෙතනින් ඉවරයි ඊලග ලිපියෙන් Forex වලින් මුදල් උපයන ආකාරය ඉගෙනගමු.