Forex Trading වලින් ලාභ ලබන ආකාරය

ඔන්න අද පාඩමෙන් ඔයා ඉගෙන ගන්න යන්නේ කොහොමද Forex Trading වලින් මුදල් උපයන්නේ කියල. මේ පාඩමෙන් පස්සේ අපි පුහුණු ගිණුමක පුහුණු වෙනගමන් තමයි ඉගෙනගන්නේ.ඒක නිසා මේ පාඩම හොදින් අවබෝධයෙන් ඉගෙන්න ගන්න ඕන. අපි Forex Trading කරන්නේ phone එකෙන් කරනවනම් Mobile App එකකින්. Computer එකෙන් කරනවනම් බොහොම පොඩි Software එකකින්. ඉතින් අද පාඩමෙන් කියල දෙන දේවල් අපේ Software එකේ තියන දේවල් ආශිතයෙන් තමයි මන් කියල දෙන්නේ. දැනට Software එක ගැන මුකුත්ම දැනගන්න ඕන නැ. Software එකේ තියන හැම දෙයක් ගැනම සම්පුර්ණ පාඩමක් ඉස්සරහට ඔයාට ඉගෙනගන්න ලැබෙනවා. දැනට මන් කියල දෙන මුලික කරුණු ටික තේරුණාම හොදටම ඇති.

ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙන් කතා කළා forex market එකේ ගනුදෙනු කරන මුදල් වර්ග මොනවාද කියන එක. දැන් අපි මේ ලිපියෙන් බලන්නේ මේ මුදල් වර්ග වලින් කොහොමද අපී ලාභ උපයන්නේ කියන එක. 

මං මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයකින්ම පටන් ගන්නම්. ඔයා හිතන්න ඔයාට ඇදුම් කඩයක් තියෙනවා කියලා. හරි දැන් ඔයා මේ ව්‍යාපාරයෙන් ඇඳුම් විකුණලා කොහොමද ලාභ උපයන්නේ කියල හිතන්න. ඔයා ලාභ උපයන්න නම් මේ ඇඳුම් අඩු මිලට කාගෙන් හරි මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ගත්ත ගානට වැඩිය  මුදලකට විකුනන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඇඳුමක් රුපියල් 1000 කට ගත්තොත් ඔයා රුපියල් 1200 කට මේ ඇඳුම් විකුනන්න ඕනේ. එතකොට ඔයාගේ ලාභය රුපියල් 200 යි. 
1200 – 1000 = 200


අන්න ඒ විදියට තමයි Buy and Sell කරන ව්‍යාපාරිකයෙක් ලාභ උපයන්නේ. මෙන්න මේ විදිහ දෙයක් ම තමයි අපි Forex Trading වල කරන්නෙත්. වෙනස තියෙන්නේ forex වල අපි ගණුදෙනු කරන්නේ මුදල් සමග ඒ කියන්නෙ අපි මිලට ගන්නෙත් මුදල් විකුණන්නෙත් මුදල්. මම ඒක තව පැහැදිලි කරන්නම්. මම ඔයාලට පල්ලෙහා දාලා තියෙනවා රූපයක් ඒකෙ තියෙන්නෙ අපි කලින් ලිපියේ කතා කරපු currency pairs අපිට forex market එකේදි හම්බෙන විදිහ. බලන්න ඔය පින්තූරය. Currency pairs ගොඩක් තියෙනවා. ඒ ඔක්කෝම අපිට අදාල වෙන්නේ නෑ. අපිට අදාල වෙන ටික විතරයි මන් අරගෙන තියෙන්නේ. මම ඔයාලට කියල දෙන්නෙ  EUR/USD කියන currency pair එක ගැන.

Software එක භාවිතයෙන් පැහැදිලි කරගැනීම

ඔය උඩින් තියෙන්නේ අපි forex market එකේ  ගනුදෙනු කරන software එකේ  මුදල් වර්ග පෙන්නන කොටස. මේ software එක ගැන අපි ඉදිරි ලිපි වලදි කතා කරනවා. පින්තූරය දිහා හොඳට බලන්න. ඔතන තියනවා අපේ මුදල් වර්ග ටික ඊට පස්සේ Bid සහ Ask කියලා එකක්, තව ඉලක්කම් වගයක්. මේ ටික මම මුලින්ම මොනාද කියලා පැහැදිලි කරන්නම්. අපි EUR/USD කියන එක ගමු. ඒක ඉස්සරහ තියෙන ඉලක්කම් වල තේරුම් තමයි EUR එකක් ගන්න USD කීයක් ඕනෙද කියන එක. ඔතන Bid (Sell) කියලා තියෙන්නේ USD මිලදී ගන්නවා කියන එක Ask(Buy) කියලා තියෙන්නේ EUR මිලට ගන්නවා කියන එක. ඇත්තටම Bid සහ Ask වෙනුවට අපිට Sell සහ Buy කියලා භාවිතා කරන්න පුළුවන්. මොකද software එකේ අපි ගණුදෙනුවක් යොදද්දී අපිට බලන්න පුළුවන් වෙන්නේ Sell, Buy කියන විදිහට තමා. ඒ ඒ මුදල් වර්ගය මිලට ගැනීමට තිබෙන අගය තමා ඉලක්කම් වලින් පෙන්නන්නේ. බය වෙන්න එපා තේරුනේ නැති අයට මම උදාහරණය කරද්දී පැහැදිලි වෙයි.

උඩ තියන පින්තූරයත් එක්ක අපි උදාහරණය කතා කරමු.

මිල ඉහල යද්දී ලාභ ලබන ආකාරය

        Bid (Sell Price)        Ask (Buy Price)

EUR/USD            1.17462                      1.17480

මතකනේ මම කලින් කිවුවා අපිට EUR එකක් ගන්න යන USD ගාන තමයි ඔය දාල තියෙන්නෙ. මේක  හැම තප්පරයකම විශාල වශයෙන් වෙනස් වෙනවා. අපි දැන් හිතමු EUR වල අගය තවත් වැඩි වෙනවා කියලා අපි එතකොට දැන් වෙළඳපොලේ තියෙන මිලට EUR ගත්තොත් මිල වැඩියි වුණහම විකුණන්න පුළුවන් එතකොට අපි කරන්න තියෙන්නේ Buy trade එකක් දාන එක.

අපි buy trade එකක් දානවනම් අපිට තියෙන මිල තමා  1.17480 . මේක software එකක් නිසා අපිට තියෙන්නේ buy කියන button එක click කරන්න විතරයි. ඊට පස්සේ ස්වයංක්‍රීයව අපේ මුදල් අඩු වෙලා trade එක Open වෙනවා.. දැන් අපි ලාභ ගන්න නම් අපි මිලදී ගත් මිලට වඩා ඉහල අගයකට මේ මිල යන්න ඕනේ. අපි හිතමු විනාඩි කිහිපයකින් පසු 1.17880 දක්වා  මිල ඉහල ගියා කියලා. අපිට පුලුවන් එතකොට මේ දාපු ගණුදෙනුව අවසන් කරන්න. අපි ගණුදෙනුව අවසන් කරනවා කියන්නේ අපි මිලදී ගත්ත මුදල් විකුණනව කියන එක. දැන් මේ මුදල් විකුණද්දි අපිට මිලදී ගන්න අයව හොය හොය ඉන්න ඕනේ නැහැ. අපිට තියෙන්නෙ ගනුදෙනුව close කරන්න විතරයි එතකොට ස්වයංක්‍රීයවම අපි දාපු ගනුදෙනුව close වෙලා අපි ගත්ත ලාභය අපේ ගිණුම්ට එක්තු වෙනවා. දැන් බලමු අපේ ලාභය කොහොමද කියලා. 

1.17880 – 1.17480 = 40

දැන් බලන්න අපි  ඒකක 40 ක ලාභයක් අරගෙන තියෙනවා.  මේ ලාභය මුදල්වලින් ගණනය කරන්න ආකාරය තීරණය වෙන්නේ අපි දාන ගනුදෙනුවේ අගය මත. සාමාන්‍යයෙන් අපි 0.05 ගනුදෙනුවක් දැම්මනම් ඒකක 40 ක (Pips 40) ලාභයක් කියන්නේ Dollar 20 ක ලාභයක් ලැබිල තියනව. මේ දේවල් වැඩිදුරට ඉස්සරහ ලිපියකදී මම කියල දෙනවා.

ඉහත රූපයේ දිහා බලන්න EUR මිල ඉහළ යද්දී USD පහල යන ආකාරය පෙන්නලා තියනවා.අපි නිතරම මතක තියා තියාගන්න ඕන කාරණය තමයි මේ මිල ගනන් පෙන්නුම් කරන්නේ අපි මුදල් වර්ග දෙක හුවමාරු කරගගැනීමේදී තිබෙන අගයයි. 

මිල පහල යද්දී ලාභ ලබන ආකාරය

         Bid (Sell Price)       Ask (Buy Price)

EUR/USD         1.17462                   1.17480


දැන් බලමු මිල පහළ යද්දී කොහොමද අපි ලාභ ගන්නෙ කියලා. ඔයාලට දැන් ගැටලුවක් ඇති කොහොමද මේක වෙන්නේ කියලා මිල ඉහල යාමකදී නම් මොකක්ද වෙන්නෙ කියලා තේරුනා නේ. මිල ඉහළ යනව කියන්නෙ EUR එකක් මිලට ගන්න යන USD ගණන වැඩිවෙනවා කියන එක. ඒ වගේම මිල පහල යනවා කියන්නේ EUR එකක් ගන්න යන USD ගණන අඩු වෙනවා කියන එක. ඇත්තටම කිව්වොත් dollar  මිල ඉහල යනවා කියන එක තමයි මේකෙ තේරුම.

අපි හිතනවා දැන් තියෙන මිලට වඩා තව ටිකකින් EUR මිල පහල යයි කියලා එතකොට අපිට කරන්න තියෙන්නේ sale trade එකක් දාන එක. අපි sell trade එකක් දාන්න ඕන මිල තමා 1.17462 .අපි sell බට්න් එක click කරපුවම Trade එක වැටෙනවා. දැන් අපිට ලාභ ගන්න පුළුවන් වෙන්නේ අපි trade එක දාපු මිලට වඩා market එකේ මිල පහල ගියොත් විතරයි. අපි හිතමු විනාඩි කිහිපයකට පස්සේ මිල 1.17262 දක්වා පහල ගියා කියලා. එතකොට අපිට අපේ ගණුදෙනුව අවසන් කරන්න පුළුවන්.( මතක තියාගන්න අපිට ගනුදෙනුව අවසන් කරන්න  අනිවාර්යය අගයක් නැහැ අපිට හිතුන වෙලාවක අවසන් කරන්න පුළුවන්) දැන් බලමු අපේ ලාභය කොහොමද කියලා. 

1.17462 – 1.17262 = 40


දැන් බලන්න අපි ඒකක 40 ක ලාභයක් අරගෙන තියෙනවා. මේ ලාභය මුදල්වලින් ගණනය කරන්න ආකාරය තීරණය වෙන්නේ අපි දාන ගනුදෙනුවේ අගය මත.

ඉහත රූපයේ දිහා බලන්න USD මිල ඉහළ යද්දී EUR පහල යන ආකාරය පෙන්නලා තියනවා.අපි sell trade එකක් දැම්මට ඇත්තටම මෙතැන වෙලා තියෙන්නේ අපි USD මිලට අරගෙන තියෙනවා. ඒකයි usd ඉහළ යද්දී අපිට ලාභයක් ගන්න පුළුවන් වුණේ.

මේ පිළිබඳ අපි ඉස්සරහට ආයෙමත් කතා කරනවා. ඒක නිසා සමහර දේවල් තේරුනේ නැති වුණා කියලා බය වෙන්නේ එපා. අපි පුහුණු ගිණුම් පටන් ගත්තට පස්සේ මේවා ඔයාලට නිකම්ම තේරෙනවා. ඒත් යම්කිසි අවබෝධයකින් අපි ගිණුම් වලට යන්න ඕන නිසයි මේ පිළිබදව සාකච්ඡා කරන්න හිතුවේ. අපි ඊලග පාඩමෙන් ගිණුමක් හදාගෙන පුහුණු වෙනගමන් ඉගෙනගමු.

error: Content is protected !!